එංගලන්තයේ සිට රැගෙන ආ කසළ බහලූම් තොගය යළි ප්‍රතිඅපනයනය කිරීමට පියවර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 14, 2020

එංගලන්තයේ සිට රැගෙන ආ කසළ බහලූම් තොගය යළි ප්‍රතිඅපනයනය කිරීමට පියවර


එංගලන්තයේ සිට නීතිවිරෝධීව රැගෙන ආ පරිසරයට අහිතකර කසළ බහලූම් තොගය යළි ප්‍රතිඅපනයනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා තිබෙනවා.

2017 වසරේදී මෙරටට ගෙන්වා ඇති මෙම කසල බහලූම් තොගය මේ වනවිට ගබඩා කර ඇත්තේ ශ්‍රී ලංකා වරාය පරිශ්‍රයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ පෞද්ගලික ආයතන භූමියකයි.

පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සමට අනුව එම කසළ තොගය යළි ප්‍රතිඅපනයනය කිරීමට අභියාචනාධිකරණය පසුගියදා නියෝග කළා. ඒ අනුවයි මෙම කසළ බහලූම් තොගය යළි ප්‍රතිඅපනයනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරනු ලබන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad