Corona : තවත් කොරෝනා ආසාධිතයෙකු මිය යයි - ශ‍්‍රී ලංකාවේ මරණ 05 යි - ආසාධි.යින් 159 දක්වා ඉහලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 4, 2020

Corona : තවත් කොරෝනා ආසාධිතයෙකු මිය යයි - ශ‍්‍රී ලංකාවේ මරණ 05 යි - ආසාධි.යින් 159 දක්වා ඉහලට

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වී ප‍්‍රතිකාර ලැබූ තවත් ශ‍්‍රී ලාංකිකයෙකු මරණයට පත්ව ඇත.

මෙසේ මරණයට පත්වී ඇත්තේ 40 හැවිරිදි ඉතාලියේ සිට පැමිණි අයෙකි. වැලිකන්ද රෝහලේ දී ඔහු මෙසේ මරණයට පත්ව ඇත. එය මෙරටින් වාර්තා වන පස්වන කොරෝනා මරණයයි.

මේ අතර ඊයේ (03) රාත්‍රී 10.10 වන විට තවත් කොරෝනා ‍ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද දිනට පමණක් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයින් ගණන 159 දක්වා ඉහළ ‍ගොස් තිබේ.

අද(03) රාත්‍රී 9 වන විට තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් සිව් දෙනෙක් හා සවස එක් ආසාදිතයෙක් හඳුනා ගනු ලැබීය.

කෙ‍සේ වෙතත් අද සවස 5.30 දක්වා ගතවු පැය 24 ක කාලය තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වුයේ නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad