දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථාන හතරම දැන් හිස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 3, 2020

දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථාන හතරම දැන් හිස්

දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථාන හතරම දැන් හිස්

යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දියතලාවේ පැවැති නිරෝධායන මධ්‍යස්ථාන හතරම මේ  වන විට  හිස්ව  පවතින බව දියතලාව යුද හමුදාව පවසයි.  දියතලාව හමුදා  නිවාඩු නිකේතනය කඳවුරේ සිටි අවසන් 33 දෙනා  අද (3) දින සිය ගම්බිම් බලා පිටත්ව  යෑමත් සමග කඳවුරු ගතව නිරෝධායනය  වූ සියලුම දෙනා පිටත්ව ගොස් තිබේ.

විටින් විට පැමිණි කණ්ඩායම් මෙම මධ්‍යස්ථානවල දී  දින 14 ක කාලයක් නිරෝධායනය  වූහ. එහිදී අවශ්‍ය සියලු පහසුකම් යුද හමුදාව සපයා  දී තිබුණි. මේ  වනවිට එම කඳවුරු හතර තුළ නිරෝධායනය වූ පිරිස  479 ක් වූ බව දියතලාව යුද හමුදා කඳවුරේ නිලධාරියෙක් පැවසීය.

චීනයේ  වූහාන්  වල සිට පැමිණි   ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල සිසුහු 33  දෙනා  දියතලාවේ නිරෝධායනය  වූ මුල්ම පිරිස වූහ.
 
දියතලාව යුද හමුදා  රෝහල, කහගොල්ල ලටෙක් ඉංජිනේරු කාර්මික ආයතනය, දියතලාව ගැමුණු හේවා බලඇණිය, යුද හමුදා නිවාඩු නිකේතනය නිරෝධායන කඳවුරු ලෙස පවත්වාගෙන ගිය අතර එම හතරම මේ වන විට හිස පවතින බව දිය තලාව  යුද හමුදා   කඳවුරේ උසස් නිලධාරියෙක්  පැවසුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad