හෙට පෝයට පන්සල් එන්න එපා.. කොරෝනා මඩින්න ගෙදර ඉන්න - අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ගෙන් ඓතිහාසික දැනුම් දීමක් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 6, 2020

හෙට පෝයට පන්සල් එන්න එපා.. කොරෝනා මඩින්න ගෙදර ඉන්න - අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ගෙන් ඓතිහාසික දැනුම් දීමක් !

හෙටට යෙදී තිබෙන බක් පුර පසළොස්වක පොහොය දිනයේ දී පන්සල් වලට එක් රැස් නොවන ලෙස අස්ගිරි හා මල්වතු පාර්ශ්වයන් සියළු බෞද්ධයන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඒ අනුව හෙට දිනයේ නිවෙස් තුළට වී ආගමික වතාවත් සිදු කරන්නැයි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ සඳහන් කරති.
කොරෝනා අවදානම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටිති.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද උපරිමය අනුගමනය කරමින් වසංගතය මැඩලීම සඳහා සහයෝගය ලබාදීම ඉතා වැදගත් බවද උන්වහන්සේ කියා සිටිති.


No comments:

Post a Comment

Post Bottom Ad