මුළු ඉන්දියාවම විදුලි පහන් නිවා ඉටිපන්දම් පත්තු කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 6, 2020

මුළු ඉන්දියාවම විදුලි පහන් නිවා ඉටිපන්දම් පත්තු කරයි


ඉන්දියාවේ වෙසෙන ජනතාව ඊයේ රාත්‍රියේ විනාඩි 09ක් විදුලි පහන් නිවා දමා ඉටිපන්දම් සහ පහන් දැල්වීම සිදු කර තිබෙනවා.

ඒ, කොරෝනා මර්දන සටන වෙනුවෙන් රටක් ලෙස එක්සත්ව කටයුතු කරන බව අවධාරණය කරමින්.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බිලියන 1 දශම 3ක් වූ ඉන්දියානු වැසියන්ගෙන් ඉල්ලා සිටියේ එරට වේලාවෙන් රාත්‍රි 9ට සියළු විදුලි පහන් නිවා දමා මෙම ක්‍රියාවට එක්වන ලෙසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් මිලියන ගණනක් වූ ඉන්දියානු වැසියන් විදුලි පහන් නිවා දමා සිය නිවෙස් ඉදිරිපිට සහ නිවසේ බැල්කනියේ ඉටිපන්දම් සහ පහන් දැල්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අන්ධකාරයට අභියෝග කරන ලෙස සියළු ඉන්දියානුවන්ගෙන් අග්‍රාමාත්‍ය මෝදි ඉල්ලීමක් කළා. කෙරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ මේ මස 25 වනදා දක්වා ඉන්දියාව වසා දමා තිබෙනවා.

රට තුලින් මේ වනවිට ආසාදිතයන් 4288ක් වාර්තා වන අතර මරණ 117 දක්වා වැඩි වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad