අකුරණ ආසාදිතයන් ඇසුරු කළ අය සිටී නම් ඉදිරිපත්වෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 3, 2020

අකුරණ ආසාදිතයන් ඇසුරු කළ අය සිටී නම් ඉදිරිපත්වෙන්න

අකුරණ ආසාදිතයන් ඇසුරු කළ අය සිටී නම් ඉදිරිපත්වෙන්න

අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වූ‍  කොරෝනා ආසාදිත රෝගීන් සමඟ මොනම හෝ ආකාරයක   සම්බන්ධතාවයක් තිබූ සියලු දෙනා වහාම සෞඛ්‍ය අංශයේ  නිලධාරින්ට දන්වන ලෙස අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව කුරුඳුගහමඩ මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
හඳුනාගත් රෝගීන් සමඟ කුමන හෝ අකාරයක සබඳතාවයක් තිබුනේ නම්, ඈතින් හෝ සමීපයේ හිඳ කතාබහ කළේ නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දෙන ලෙසද කුරුඳුගහමඩ මහතා ඉල්ලා සිටියි.
 
මේ සඳහා කිසිදු බියකින් තොරව ඉදිරිපත් වන ලෙසත් මෙම ප්‍රදේශයෙන් මෙම වසංගතය තුරන් කිරීම සඳහා මෙම ඉල්ලීම කරන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා තව දුරටත්  ප්‍රකාශ කර සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad