කොරෝනා නිසා වසා දැමූ බේරුවල පන්නිල ජනතාව විරෝධතා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 3, 2020

කොරෝනා නිසා වසා දැමූ බේරුවල පන්නිල ජනතාව විරෝධතා

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට වසා දමා ඇති බේරුවල පන්නිල ප්‍රදේශයේ ජනතාව අද දින විරෝධතාවයක නිරත විය.

තමන් අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය සපයා ගැනීමට හැකියාවක් නැති බව පවසමින් ඔවුහු මෙසේ විරෝධතාවයේ යෙදුනහ.
කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පවා නොතකමින් ඔවුහු මෙසේ විරෝධතා කලහ.

පසුව එම ස්ථානයට පැමිණි යුද හමුදාව සහ පොලීසිය විසින් කරුණු පැහැදිලි කිරීමෙන් පසු පිරිස විසිර ගිය අතර ඔවුනට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත් වීමෙන් බෙදා හරිනු ලැබීය.


No comments:

Post a Comment

Post Bottom Ad