මත්තේගොඩ මරණය කොරෝනාවෙන් සිදුවුවක් නොවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 2, 2020

මත්තේගොඩ මරණය කොරෝනාවෙන් සිදුවුවක් නොවේ

මත්තේගොඩ මරණය කොරෝනාවෙන් සිදුවුවක් නොවේ

මත්තෙගොඩ ප්‍රදේශයෙන් හමුවූ  පුද්ගලයාගේ මරණය කොරොනා වයිරසය හේතුවෙන් වූ මරණයක් නොවන බවට වෛද්‍ය පර්යේෂණායතන  වාර්තාව තහවුරු කර ඇතැයි  කහතුඩුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය.

ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී 2 දා  සිදු කෙරිණි.

එහිදී හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කරන ලද අතර  මරණයට හේතුව හෘද ද හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පොලිසියට නිගමනය කළේය .

එසේම මෘතදේහය කොහුවල සුසාන භූමියේදී දෙවැනිදා  ආදාහනය කරන ලෙසටද හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා  පොලිසියට නියෝග කළේය.

ඒ අනුව මේ බව මරණකරුගේ නෑයන්ට දන්වා අද 2දා දිනයේදීම මෘත දේහය මෘත දේහය ආදාහනය කිරීමට පියවර ගන්නා බව පොලීසිය පැවසීය .

මේ අතර මරණකරු විදේශගතව සිට පැමිණි අයකු බැවින් ඔහුට කොරෝන රෝගය වැළඳී නොමැති බවට තහවුරු වී තිබුණත් නිවැසියන් දින දාහතරක් නිරෝධායනයට ලක් කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදී ලබා දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad