කොරෝනා අස්සේ ආණ්ඩුවට විරුද්දව ජනතාව පාරට බස්සන කුමන්ත‍්‍රණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 2, 2020

කොරෝනා අස්සේ ආණ්ඩුවට විරුද්දව ජනතාව පාරට බස්සන කුමන්ත‍්‍රණයක්

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිර යාම පාලනය කිරීම සදහා රජය පූර්ණ වශයෙන් කැප වී සිටින බවත් පක්ෂ පාට සලකුණු නොබලා සියලු පාර්ශව ජනාධිපති අගමැති ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙලට සාහාය පල කිරීම ජාතික යුතුකමක් බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

මුහුණපා ඇති අවධානම් තත්ත්වයෙන් රට ගොඩගත හැක්කේ ජනතා සහයෝගයෙන් පමණක් බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොරෝනා වසංගතය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීමට රජය ගනු ලබන සියලු ක්‍රියාමාර්ග ඇතැමුන්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් අපතේ යන බවද අවධාරණය කරයි.

ඇදිරි නීතිය අතරතුර ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ වැඩ සටහන සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩි දුරටත් මෙසේද කීවේය. මහින්ද ගෝඨා සුසංයෝගය තමයි වසර 30ක යුද්ධය අවසන් කලේ. අද රටේ ජනතාවගේ වාසනවාකට තමයි නැවත ඒ සුසංයෝගය බලයේ ඉන්නේ. එහෙම නොවුනානම් රට මුහුණ දෙන තත්ත්වය හිතාගන්න බෑ. කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිරීම වලක්වා ගැනීම සදහා අපි රජයක් විදියට ගත යුතු ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අපේ රටේ මේ කොරෝනා මර්ධනය වැඩ සටහන පිළිබදව ප්‍රසාදය පල කරන්නේ ඒ නිසයි.

ඇමරිකාව , එංගලන්තය වැනි රටවල්වලට වඩා අපේ රටේ ජනතාව මේ වසංගතයෙන් ආරක්ෂා කරගන්න පුළුවන් හැම දේම කරනවා. අපේ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, අත්‍යවශ්‍ය ආහාර බෙදා දෙන ආයතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල, සියලු රජයේ නිළධාරීන් සිය උපරිමයෙන් කටයුතු කරනවා. අපේ මහජන නියෝජිතයොත් ඒ වෙනුවෙන් කැපවී ඉන්නවා. අපි මොනවා කලත් වැඩක් නෑ මහජනතාව අතර ඉන්න කීප දෙනෙක් මේ සෞඛ්‍ය උපදෙස් , ආරක්ෂක අංශවල උපදෙස් අනුගමනය නොකර හිතුමතේ වැඩ කරනවා. මේ නිසා ආණ්ඩුවක් හැටියට අපි ගන්න සමහර ක්‍රියාමාර්ග අපතේ යනවා.

මේක පක්ෂ, පාට, සලකුණු බලන වෙලාවක් නෙමෙයි. මුලින්ම අපි මේ වසංගතව පැති යාම පාලනය කරගත යුතුයි. එහෙම නැති වුනොත් මේ රට ඉතාලියක් බවට පත් වේවි. ඒ තත්ත්වය ඇතිවන තුර අපිට ඇහැ කණ පියාගනෙ ඉන්න බෑ. සෞඛ්‍ය අංශයෙන්, ආගමික නායකයන්ගෙන් මේ වන විට ඉල්ලීමක් ඇවිත් තියෙනවා දිගටම ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ජනාධිපතිතුමා – අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ උපදෙස් අනුව ඒ පිළිබදව ඉදිරියෙදී සලකා බලාවි. නමුත් අපිට මේ රටේ ජනතාවගේ දෛනික අවශ්‍යතා නොසලකා හරින්නත් බෑ. අපි රජයක් හැටියට මොන තීන්දු ගත්තත් ප්‍රමුඛත්වය දෙන්නේ මේ රටට හා ජනතාවට.

දැන් අපි මේ වන විට ජනතාවට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ ගෙවල් වලටම යවන යාන්ත්‍රණයක් සකස් කර තිබෙනවා. සමෘද්ධි අයට රු 5000ක මුදලක් ලබා දුන්නා. වැඩි හිටි, ආභාධිත, අයටත් දීමනාවක් ලබා දෙන්න කටයුතු කරගෙන යනවා.

නිරෝධායන ඇදිරි නීතියක් තමයි දැන් අපි පවත්වාගන යන්නේ. ජනතාව මේ මොහොතේ ඉවසිලිවන්තව කටයුතු කල යුතුයි. රජය මොනදේ කලත් රුස්සන්නේ නැති විවිධ අය රජයට එරෙහිව විවිධ මඩ අවලාද පතුරනවා. ඔවුන් මේ හරහා අනතුරට හෙලන්නේ මේ රටයි. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා විවිධ උසිගැන‍්වීම් වලට හසු නොවී රජයට තවදුරටත් මේ තීරණාත්මක අවස්ථාවේ සහාය දෙන්න කියලා.

– ප‍්‍රදීප් අනුර කුමාර


No comments:

Post a Comment

Post Bottom Ad