ශ්‍රී ලංකාවේ පස්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 4, 2020

ශ්‍රී ලංකාවේ පස්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ පස්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

කොරෝනා වයිරසය ආසාදනය වී වැලිකන්ද රෝහලේ සිටි පුද්ගලයකු අද (4) මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය.

මෙලෙස මිය ගොස් ඇත්තේ 44 හැවිරිදි ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙකි.ඔහු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිය යන විට ඔහු වෙනත් අසනීපයකින් නොසිටි බව තහවුරු වී ඇතැයිද ජාසිංහ මහතා සඳහන් කරයි.

ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය සංඛ්‍යාව පහකි.

වයිරසය ආසාදනය වී සුවය ලබා පුද්ගලයින් 24 දෙනකු පිටව ගොස් ඇත. ඊයේ දිනය අවසානය වන විට කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 159 කි.

No comments:

Post a Comment

Post Bottom Ad