කොරෝනා මර්දනයට විදුලි ඉංජිනේරුවෝ අඛණ්ඩ විදුලියත් දී ICU ඇදන්ද දෙයි.. තවත් ආධාර දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 30, 2020

කොරෝනා මර්දනයට විදුලි ඉංජිනේරුවෝ අඛණ්ඩ විදුලියත් දී ICU ඇදන්ද දෙයි.. තවත් ආධාර දෙයි

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් COVID-19 වයිරසය පැතිරීම හේතුකොටගෙන රටේ උද්ගතවී ඇති තත්වය පිළිබද සළකා රු. ලක්ෂ 45 ක මුදලක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එහි පළමු පියවර ලෙස පානදුර මහා රෝහලට ලක්ෂ 11ක් වටිනා සෞඛ්‍ය උපකරණ සහ ICU ඇදන් තුනක් ලබා දීමට ලංවිම ඉංජිනේරු සංගමයේ නිලධාරින් රෝහල් පරිශ්‍රයට පැමිණියහ.
පානදුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රාණි ගොඩකන්ද මහත්මිය වෙත මෙම උපකරණ කට්ටලය භාර දීම සිදු කරන ලදී. ඒ සදහා ලංවිම අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකු වන ඉංජිනේරු රොහාන් සෙනවිරත්න මහතා සහ  ඉංජිනේරු සංගමයේ නිලධාරින්ද පානදුර මහරෝහලේ කාර්යමණ්ඩලයේ සේවක මහත්ම මහත්මීන් පිරිසක්ද සහභාගී විය.

ඒ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමේ සභාපතිවරයා වන ඉංජිනේරු අනුරුද්ධ තිලකරත්න මහතා ප්‍රකාශ කළේ මේ මොහොතේ රට මුහුණ පා ඇති අභියෝගය හමුවේ සංවේදී වූ සංගමයේ සාමාජික ඉංජිනේරු මහත්ම මහත්මීන් විසින් රජයේ වැඩපිළිවලට සහයක් ලබා දීමට ඉදිරිපත් වී ඇති බවයි.

ඒ අනුව අද දින කළුතර නාගොඩ රෝහලේ වාට්ටුවක කොරෝනා රෝගීන් සදහා වෙන් කරන (partition) කොටසකට රු. ලක්ෂ 7 ක මුදලක් ද ප්‍රදානය කල බව එතුමා සදහන් කළේය.

එසේම, ශ්‍රී ලංකා යුද හමුදා රෝහලට අවශ්‍ය කරන පුද්ගල ආරක්‍ෂිත ඇදුම් කට්ටල1000ක් මැසිම සදහාද ආධාර කිරීමක් සිදු කර ඇත.

තවද,  කොරෝනා පාලනයට අතිගරු ජනාධිපතිතුමන් විසින් පිහිට වූ  COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රු. ලක්ෂ 25 ක මුදලක් ලබා දීමට තීරණය කර ඇති බවත් ඒ මුදල හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බවද පැවසිය.

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තිකයින් ලෙස ලංවිම ඉංජිනේරුවරුන් රටේ ජාතික විදුලිබල පද්ධතිය අඛණ්ඩව පවත්වාගැනීමට තාක්ෂණික සේවා ඇතුළු ක්ෂේත්‍ර සේවා සමග සුවිශේෂී කාර්යභාරයක් මේ මොහෙතේ සිදු කරගෙන යයි. එසේම, ඉංජිනේරු සංගමේ සාමාජික ඉංජිනේරු මහතුන් කිහිප දෙනෙකු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික ඉංජ්නේරු අංශය විසින් සිදු කරගෙන යනු ලබන ventilator මැෂින් අලුත්වැඩියා කිරීමකටද සම්බන්ධ වී වැඩ කටයුතු කරගෙනද යයි.

– cebe


No comments:

Post a Comment

Post Bottom Ad