ජනාධිපති හා ඇමති මණ්ඩලය පමණක් කොරෝනා මර්ධනයට නායකත්වය දීම හොද නෑ.. අපිත් සම්බන්ධ කර ගන්න - රතන හිමි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 23, 2020

ජනාධිපති හා ඇමති මණ්ඩලය පමණක් කොරෝනා මර්ධනයට නායකත්වය දීම හොද නෑ.. අපිත් සම්බන්ධ කර ගන්න - රතන හිමි

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙක යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,

කොරෝනා මැඩලීමට පොදු ජාතික වැඩපිලිවෙලකට ප්‍රවේශ වෙමු

අද වන විට අප රටේ කෝරෝනා වෛරසය පැතිරියාමේ ප්‍රවණතාවය වැඩි වෙමින් පවතින බව දක්නට ඇත. ඔබතුමාගේ නායකත්වයෙන් ගෙන යන වැඩපිලිවෙල ඉතාමත් ප්‍රශංසනීය වන අතර ඒ මගින් රෝග ව්‍යාප්තිය සාර්ථකව පාලනය කර ගත හැකි බව මාගේ විශ්වාසයයි.

එනමුත් එම අත්‍යවශ්‍ය නිරෝධායන ක්‍රියාමාර්ග ගැනීමේදී බරපතල ආර්ථික සහ සමාජිය ගැටළු ගණනාවකට සමස්ථ ශ්‍රි ලාංකීය පුරවැසියන්ම දිනෙන් දින මුහුණ දෙමින් සිටී. රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ ස්ථිර ආදායමක් නොමැති සහ තැම්පත් ධනයක්ද නොමැති බහුතර ජනතාවක් අප රටේ ජීවත් වන අතර අප රටේ පවතින ආර්ථික තත්වය අනුව රජයට ද ඔවුන්ගේ මුලික අවශ්‍යතා වෙනුවෙන් ආර්ථික ශක්තියක් ලබා දීම එතරම් පහසු නොවනු ඇත.

එම තත්වය මධ්‍යස්ථව අවබෝධ කර ගනිමින් මෙම අවස්ථාවේ ජාති, ආගම් සහ දේශපාලන මති මතාන්තර ඇතුළු සියලුම වාද භේද පසකලා සමස්ථ ශ්‍රි ලාංකීය ජාතියේම ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් පොදු ජාතික වැඩපිලිවෙලකට අවතීර්ණ වීම කාලෝචිත වේ. ඒ සදහා ඔබතුමන්ට නායකත්වය ගෙන කටයුතු කිරිමට යෝජනා කරන අතර සියළුම දේශපාලන පක්ෂ වලත්, ආගමික නායකයින්ගේ හා සමාජ ක්‍රියාකාරකයින්ගේ සහ පරිත්‍යාග ශීලින්ගේ දායකත්වය ලබා ගෙන ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන පොදු ජාතික වැඩපිලිවෙලක් කඩිනමින් සකස් කිරීමට යෝජනා කරමි.

කොරෝනා වෛරසයේ ව්‍යාපතිය පිලිබඳ ගෝලීය තත්වය සැලකීමේදී එවැනි පොදු වැඩපිලිවෙලකට නොගොස් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති මේ මොහොතේ කැබිනට් මණ්ඩලය හා ඔබතුමන් එක්ව පමනක් මෙම වැඩසටහනට මූලිකත්වය ගැනීම එතරම් සුභදායි නොවන බව මාගේ හැඟිමයි.

මේ පිලිබඳ ඔබතුමන්ගේ කඩිනම් අවධානය යොමු වෙතැයි අපේක්ෂා කරමි.

තෙරුවන් සරණයි !
පූජ්‍ය අතුරලියේ රතන ස්ථවිර


No comments:

Post a Comment

Post Bottom Ad