උණ හැදුන ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් 4 ක් කරාපිටියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 23, 2020

උණ හැදුන ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් 4 ක් කරාපිටියට

උණ හැදුන ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් 4 ක් කරාපිටියට

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකුට උණ සහ උගුරේ ආසාදන තත්වයන් ඇතිවිම නිසා අද(22) කරාපිටියට රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම රැඳවියන් සිව් දෙනාගෙන් දෙදෙනකු දහවල් කාලයේ රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව අනෙක් දෙදෙනාටද එම රෝග ලක්ෂණ ඇතිවීම නිසා රාත්‍රි හතට පමණ රෝහලට ඇතුලත් කර ඇත.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ එම සිව් දෙනාම කොරෝනා බවට සැක කරන රෝගින් සඳහා වෙන්කර ඇති වාට්ටුවේ සිට ප්‍රතිකාර ලබන බවය.

දහවල් රෝහලට ඇතුලත් කරන ලද දෙදෙනාගෙන් එක් අයෙකු සංචාරක මග පෙන්වන්නන් ඇසුරු කර ඇති අයෙකු බවට අනාවරණයවි ඇත.

කෙසේ වෙතත් මෙම රැදවියන් බූස්ස බන්ධනාගාරයට යවා බන්ධනාර රෝහලේ සිට නිරෝධානය කරවිමටව කටයුතු සුදානමින් සිටින බව රෝහල් ආරංචි වලින් දැන ගැනිමට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad