ට්‍රම්ප් හා සජිත් නිර්දේශ කළ ඖෂධයෙන් ඇමරිකාවේ පුද්ගලයෙකු මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 25, 2020

ට්‍රම්ප් හා සජිත් නිර්දේශ කළ ඖෂධයෙන් ඇමරිකාවේ පුද්ගලයෙකු මරුට

කෝවිඩ් -19 වෛරසය ආසාධනයෙන් වැලකී සිටීම සඳහා වෛද්‍ය නිර්දේශවලින් තොරව ක්ලෝරොක්වින් නම් ඖෂධය ලබාගත් ඇමෙරිකානුවෙක් මරණයට පත්ව ඇත.

ඔහුගේ බිරිඳද අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇතැයි පැවසේ. සී.එන්. එන්. පුවත් සේවය වාර්තා කර ඇති ආකාරයට ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ෆීනික්ස් ප්‍රදේශයේ පුද්ගලයකු මෙලෙස ‘ක්ලෝරා ක්වින්ෆොස්පේට්’ ඖෂධය ලබා ගැනීම හේතුවෙන් මියගොස් තිබේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ ධවල මන්දිරයේ පැවති රුස්වීමකදී කියා සිටියේ ක්ලොරොක්වීන් නමැති ඖෂධය කොවිඩ් - 19 ප්‍රතිකාරයක් ලෙස එරට ආහාර හා ඖෂධ පාලනාධිකාරිය අනුමත කර ඇති බවයි. ඒ අනුව මෙරට හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පසුගියදා අන්තර්ජාලයට වීඩියෝවක් මුදා හරිමින් ප්‍රකාශ කරන ලද්දේ මෙම ඖෂධය වෛරසය මැඬපැවැත්වීම සඳහා සුදුසු බවයි.

කෙසේ වෙතත් එක්සත් ජනපද ආහාර හා ඖෂධ පාලනාධිකාරිය මෙම ඖෂධය කොවිඩ් -19 සඳහා නිර්දේශ කර නොමැති බව ප්‍රකාශ කර ඇති අතර මෙරට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ද අදාළ ඖෂධය වෛරසය සඳහා නිර්දේශ කර නොමැති බව පැවසීය


No comments:

Post a Comment

Post Bottom Ad