කළුබෝවිල රෝහලේ ආසාදිතයා සමඟ සිටි අයෙකුගේ නිවසක පිරිසක් නිරෝධායනයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2020

කළුබෝවිල රෝහලේ ආසාදිතයා සමඟ සිටි අයෙකුගේ නිවසක පිරිසක් නිරෝධායනයට

කළුබෝවිල රෝහලේ ආසාදිතයා සමඟ සිටි අයෙකුගේ නිවසක පිරිසක් නිරෝධායනයට

කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හමුවූ කොරොනා ආසාදිතයා රැඳී සිටි 5  වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලින් පිටව ගොස් තිබූ පුද්ගලයකුට අයත් කහපොල රෙජිඩෙල්වත්ත වත්ත ප්‍රදේශයේ නිවසක් අද( 31) උදෑසන නිරෝධායන නිවසක් බවට නම් කළ බව කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
 
මෙම නිවසේ එම  පුද්ගලයාගේ බිරිඳ ,පුතා , ලේලිය සහ කුඩා දරුවකු ද සිටින බව සෞඛ්‍ය වෛද්‍ය වෛද්ය නිලධාරි කාර්යාලය කියයි.
 
මෙම පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඉකුත් 28 දා රෝහලින් පිටව ගොස් නිවසට නිවසට පැමිණ ඇති අතර ඒ බව දැනගත් අසල්වාසීන්  පිළියන්දල  පොලිස් ස්ථානය දැනුවත් කිරීමත් සමඟ අද 31 දා අලුයම පොලිස් නිලධාරීන් එම නිවසට පැමිණ නිවසේ පදිංචි කරුවන්ට නිවසින් පිටතට නොයන ලෙසට උපදෙස් ලබා දුන් බව  පැවසේ.
 
පසුව  මේ පිළිබඳව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කිරීමක් කිරීමත් සමග කහපොල මහජන සෞඛ්‍යය පරීක්ෂක අසිත හසිත ලක්ෂාන් මහතා ඇතුළු නිලධාරීන්  31 දා උදෑසන 8.30 ට පමණ එම නිවසට පැමිණ නිවැසියන්ට සෞඛ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපදෙස් ලබාදී අදාල නිවස නිරෝධායන නිවසක් බවට නම් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩිදුරටත් කියා සිටි.

No comments:

Post a Comment

Post Bottom Ad