අවසන් පාරිභෝගිකයා දක්වා වෙළෙඳසැල් විවෘතව තබන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 24, 2020

අවසන් පාරිභෝගිකයා දක්වා වෙළෙඳසැල් විවෘතව තබන්න

අවසන් පාරිභෝගිකයා දක්වා වෙළෙඳසැල් විවෘතව තබන්න

පවතින ඇඳිරි නීතිය නොසළකා සාමකාමීව පොලිම්වල රැඳී සිටින සියලුම පාරිභෝගිකයින්ට සේවය සලසන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙළෙඳසැල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව නිවේදනය කළේය.

මේ අතර කොළඹ, ගම්පහ, පුත්තලම යන ප්‍රදේශවලට නැවත පස්වරු 2ට ඇඳිරි නීතිය පැනවුවද වෙළඳසැල් වල සිටින අවසන් පාරිභෝගිකයා දක්වා වෙළෙදසැල් විවෘත කිරිමට අවසර දී ඇති බව පොලිස් අධිකාරි ජාලිය සෙනාරත්න මහතා පැවසීය.

මේ සඳහා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවද හෙතෙම කීය.

ඇඳිරි නීතිය ඉවත් කිරිමෙන් පසු භාණ්ඩ මිළ දි ගැනීම සදහා  ගොස් සිටි පාරිභෝගිකයන් අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු ඉතා ප්‍රශංසනීය බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය .

No comments:

Post a Comment

Post Bottom Ad