කොරෝනා තත්ත්වයෙන් රට මුදාගන්න ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජවිපෙ කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 13, 2020

කොරෝනා තත්ත්වයෙන් රට මුදාගන්න ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජවිපෙ කියයි

කොරෝනා තත්ත්වයෙන් රට මුදාගන්න ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජවිපෙ කියයි

කොරෝනා තත්ත්වයෙන් රටත් ජනතාවත් මුදා ගැනීමට ජාතික වැඩපිළිවෙළකට එක්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් රටතුළ පැතිර ගියහොත් රට තුළ මහත් ව්‍යසනකාරී තත්වයක් ඇතිවිය හැකි බවයි.

රට තුළින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබීමත් සමඟ ශ‍්‍රී ලංකාව විසින් ද කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය කිසිවකුටත් බැහැර කළ නොහැකි බවත් එමනිසා මේ මොහොතේ ආණ්ඩුව විසින් ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා කොරෝනා තත්වයෙන් රටත් ජනතාවත් මුදා ගැනීමට ජාතික වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට යෝජනා කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

එම ජාතික වැඩපිළිවෙළ සඳහා සියලූ දෙනා පක්ෂ පාට බේදයකින් තොරව සහය පළ කළ යුතු යැයි අවධාරණය කරන ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස ඒ සඳහා සම්පූර්ණ සහය ලබාදීමට සූදානම් බවද ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මේ මොහොතේ මෙම ව්‍යසනයෙන් වැළකීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කරන නිර්දේශයන් සහිත දැනුවත් කිරීම් අකුරටම පිළිපදින ලෙසත් අනවශ්‍ය කළබලවීම් නොකොට කොරෝනා රෝගයෙන් වැළකීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ගනු ලබන ක‍්‍රියාමාර්ගවලට උපරිම සහය ලබාදෙන ලෙසත් එම පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad