ඇඳිරි නීතිය ඉවත් කිරිමෙන් පසු ධාවනය කරවන දුම්රියන් වල මැදිරි වැඩි කිරීමට උපදෙස් ලබා දි ඇති බව හිටපු දුම්රිය රාජ්‍යය අමාත්‍යය සි.බි රත්නායක මහතා පසයි.
මාධ්‍යවේදීන් අමතමින් ඊයේ (22) ඒ මහතා මේ බව පැවසීය.
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම නැති කිරිම සඳහා පරතරයක් ඇතිව ජනතාවට ගමන් බිමන් යන ලෙස සෞඛ්‍යය අංශ විසින් ලබාදුන් උපදෙස් අනුව දුම්රියෙන් ගමන් ගන්නා මගින්ට තදබදයකින් තොරව දුම්රියෙන් ගමන් කිරිම සඳහා ධාවනය කරවන දුම්රියන්වල මැදිරි වැඩි කිරිමට පියවර ගත් බවද ඒ මහතා පැහැදිලි කළේය.
කොවිඩ් 19 වෛරසය පිලිබදව සෞඛ්‍යය අංශ විසින් ලබාදි ඇති උපදෙස් නිසි ලෙස පිලිපදින ලෙසද ඒ මහතා නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
No comments:
Post a Comment