චෙන්නායිහි සිට පැමිණි පුද්ගලයින් වහාම නිරෝධායනයට යොමුවන ලෙස රජය ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 29, 2020

චෙන්නායිහි සිට පැමිණි පුද්ගලයින් වහාම නිරෝධායනයට යොමුවන ලෙස රජය ඉල්ලයි

චෙන්නායිහි සිට පැමිණි පුද්ගලයින් වහාම නිරෝධායනයට යොමුවන ලෙස රජය ඉල්ලයි

ඉන්දියාවේ චෙන්නායිහි සිට පසුගිය දිනවල මෙරටට පැමිණි පුද්ගලයින් වහාම නිරෝධායනට යොමුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලීමක් කරයි.

කොරෝනා වෛරසය වැලදුනු බවට ඊයේ දිනය තුළ හදුනාගත් ආසාදිතයින්ගෙන් සිව් දෙනාගෙන් දෙදෙනෙකුම චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් බව ඔහු සඳහන් කළේය.

මාර්තු 14 න් පසු චෙන්නායි සිට මෙරටට පැමිණි පුද්ගලයින්ට ඔවුන්ගේ නේවාසික ප්‍රදේශවල සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත දැනුම් දෙන ලෙස උපදෙස් දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad