මීගමුවේ මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය වැළදුණු හැටි අභිරහසක් : පවුලේ 16 දෙනෙක් නිරෝධායනයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2020

මීගමුවේ මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය වැළදුණු හැටි අභිරහසක් : පවුලේ 16 දෙනෙක් නිරෝධායනයට

මීගමුව රෝහලේදී ඊයේ (30) ජිවිතක්ෂයට පත්වූ කොරෝනා ආසාධිත වූ පුද්ගලයාට එම වෛරසය වැළදුණු ආකාරය මේ දක්වා අනාවරනය කර ගැනීමට නොහැකිව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කර සිටිනවා.
64 හැවිරිදි මෙම පුද්ගලයා විදේශයක සිට මෙරටට පැමිණි අයෙක් නොවන අතර ඔහුගේ පවුලේ කිසිදු ඥාතියෙක් හෝ මෑත කාලයේදී විදේශ රටක සිට නිවසට පැමිණි බවට වන තොරතුරු නොමැති බවයි මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටියේ.

එම පුද්ගලයා මිට සති දින 20 කට පමණ ඉහතදී යාපනය ප්‍රදේශයේ සංචාරය කොට යලි නිවසට පැමිණ ඇති අතර ඉන් අනතුරුව නිවසින් බැහැරව ගොස් නොමැති බවත් මේ වන විට එම පුද්ගලයාගේ නිවසේ සිටි පවුලේ සාමාජිකයින් 16 දෙනෙක් නිවස තුලම ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව සඳහන් කර සිටියා.

කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් ජිවිතක්ෂයට පත්වූ එම පුද්ගලයාට ඇතිවූ ශ්වසන අපහසුතාවයන් නිසා මිගමුව ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකින් ඒ සඳහා නෙබියුලයිසර් (හුස්ම ගැනීමට පහසු කරවන ප්‍රතිකාර ක්‍රමයක්) කර ගෙන ඇත. ඒ අනුව එම වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කළ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 30 දෙනෙක් පමණ මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කලේ.

එමෙන්ම මෙම පුද්ගලයා ප්‍රතිකාර ගැනීමට ගිය මිගමුව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලක් මේ වන විට වසා දමා ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.


No comments:

Post a Comment

Post Bottom Ad