ලාංකික වෛද්‍ය සිසුන් 100ක් නේපාලයේ හිර වෙයි - විශේෂිත ගුවන් යානයක් යවා දරුවන් ගෙන්වා දෙන්නැයි ජනපතිට ඉල්ලීම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 25, 2020

ලාංකික වෛද්‍ය සිසුන් 100ක් නේපාලයේ හිර වෙයි - විශේෂිත ගුවන් යානයක් යවා දරුවන් ගෙන්වා දෙන්නැයි ජනපතිට ඉල්ලීම්

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නේපාලයේ මනිපායි සිටින ලාංකික සිසුන් 88 දෙනෙකු සහ කත්මන්ඩු ඉගෙනුම ලබන තවත් සිසුන් පිරිසක් ඇතුළු 100 කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමීණීමට නොහැකිව සිටින බව වාර්තා වේ.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නේපාලයේ මනිපායි වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දැමීම නිසා මෙම සිසුන් අවදානම් තත්වයක සිටින බව වාර්තා වේ.

වයිරස පැතිර යන අවස්ථාවක නේපාලය තුල සංවිධානාත්මක  සෞඛ්‍ය සේවාවක්  නොමැති වීමත් නේපාලයේ සංචාරක ආකර්ෂණීය ස්ථානය වූත් කත්මන්ඩු අගනුවරට කිලෝමීටර් 200 ක් ඈතින් පිහිටි විදේශිකයින්ට බහුල ප්‍රදේශයක මනිපාල් වෛද්‍ය පීඨය පිහිටීමත් නිසා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන්ගේ තත්ත්වය අවදානම් බවද මානිපාල් වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවකගේ පියෙකු වන වෛද්‍ය එස්.කස්තුරි මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

කත්මන්ඩු වෛද්‍ය පිඨය වසා දැමීමෙන් එහි සිටින වෛද්‍ය සිසුන්ටද මෙම අවදානම් තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇති බවද එහෙයින් කෙසේ හෝ තම දරුවන් නැවත ලංකාවට ගෙන්වා දෙන්නැයි රජයෙන් හා අදාළ බලධාරීන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද ඔහු පැවසී ය.

මේවන විට එහි පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට පැමිණීමට අපේක්ෂායෙන් සිටියද , මෙරට කටුනායක ගුවන්තොටුපොළ වසා දැමීමමෙන් දැනට ක්‍රියාත්මක ගුවන් සේවා වලින් හෝ තම දරුවන්ට පැමිනීමට නොහැකි වීමෙන් ඔවුන් තවත් අසරණ වී ඇතැයි වාර්තා වේ.

⁣එම ශිෂ්‍යයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය ගුවන් ටිකට් පත් වලට වැ⁣යවෙන මුදල දැරීමට දෙමව්පියන්ට හැකිවක් පවතින බැවින් කෙසේ හෝ රජයේ මැදිහත් වීමෙන් විශේශිත ගුවන් යානයක් හෝ නේපාලයට යවා තම දරුවන් ගෙන්වා දෙන ලෙස ජනාධිපතිවරයා ඇතුළු අදාළ බලධාරින්ගෙන් වෛද්‍ය කස්තුරි මහතා ඉල්ලීමක් කරයි.

එසේ රජය විසින් තමන් දරුවන් ගෙන්වුවද කොරෝනා වයිරස පාලනය කිරීමට ගෙන ඇති රජයේ පියවර යටතේ නිරෝධනයට පවා යොමු වීමට එම දරුවන් කැමැත්තෙන් පසුවන බැවින්⁣ ඉතා හැකි ඉක්මනින් මෙම දරුවන් පිරිස මෙරටට ගෙන්වා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසී ය.


No comments:

Post a Comment

Post Bottom Ad