කොරෝනා රෝගීන් 100 පැන්නීමෙන් ලංකාව දැඩි අවදානමක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 25, 2020

කොරෝනා රෝගීන් 100 පැන්නීමෙන් ලංකාව දැඩි අවදානමක

මෙරට තුල කොරෝනා ආසාදිතයන් 100ක් සම්පූර්ණ වීමත් සමග දැඩි අවධානමකට ශ්‍රී ලංකාව පත්වන බව කොරෝනා මර්දනය සම්බන්ධයෙන් කටයුතු කරන ඉහළ පෙලේ වෛද්‍ය විශේෂඥයෙක් කියා සිටියේය.

දැනට මෙරට සියලූ රෝහල්වල දැඩිසත්කාර ඒකකවල ඇඳන් හාරසියයකට අඩු ප්‍රමාණයක් පමණක් තිබීම මීට හේතුව යයිද ඔහු පැවසීය.
දැනටමත් එයින් 200කට ආසන්න ප‍්‍රමාණයක් අසාධ්‍ තත්වයේ රෝගීන් ගෙන් පිරී ගොස් ඇති නිසා නිදහස්ව ඇත්තේ ඇදන් 200 ක් හෝ ඊට ආසන්න ප‍්‍රමාණයක් පමණක් පවත් ඔහු සඳහන් කළේය.

මෙම කොරෝනා ආසාදිතයන් අසාධ්‍ය තත්ත්වයට පත් වූවහොත් හෝ ආසාදිතයන් ප‍්‍රමාණය තවත් ඉහල ගියහොත් මෙරට සෞඛ්‍ය පද්ධතියට එය දරා ගැනීම අසීරු යයිද ඔහු පැවසීය.

මේ හේතුවෙන් ජනතාව වගකීමෙන් යුතුව රජය විසින් ලබා දී ඇති උපදෙස් මත කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බවද ඔහු පැවසුවේය.

එසේ නොමැතිව වගකීම් විරහිතව කටයුතු කර වෛරසය පැතිරී ගියහොත් මහා විනාශයක් ඇතිවනු ඇතැයිද ඔහු තවදුරටත් සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad