දෙපැත්තෙම ඉන්න කම්බා හොරු ටික පරද්දන වගකීම ජනතාවට තියෙනවා - මරික්කාර් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 24, 2020

දෙපැත්තෙම ඉන්න කම්බා හොරු ටික පරද්දන වගකීම ජනතාවට තියෙනවා - මරික්කාර්

දෙපැත්තෙම ඉන්න කම්බා හොරු ටික පරද්දන වගකීම ජනතාවට තියෙනවා - මරික්කාර්

තට්ටු මාරු ක්‍රමයට කෙරෙන හොරකම් නැවැත්වීමට නම් දෙපැත්තේම සිටින කම්බා හොරුන් මෙවර මහමැතිවරණයේදී පරාජය කිරීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි. 

ඒ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"එයාර් බස් ගනුදෙනුවෙන් හොරකම් කරපු කට්ටිය ගැන ඇවිල්ලා තියෙනවා ඩොලර් මිලියන දෙකක් හොරකම් කරපු කට්ටිය ගැන. දැන් මේ විදියට මේ රටේ සාමාන්‍ය මහජනතාවගේ මුදල් ඒ පැත්තෙනුයි මේ පැත්තෙනුයි මාරුවෙන් මාරුවට තට්ටු මාරු ක්‍රමයට හොරකම් කරන්න ඉඩ දෙනවද නැද්ද කියන එක ගැන තීරණය ජනතාවගේ අතේ තියෙන්නෙ.  මොකද හේතුව, ජනතාව පක්ෂෙකට ඡන්දෙ දීලා මනාප දීලා තමයි පාර්ලිමේන්තුවට යවන්නෙ. එතකොට සාමාන්‍යයෙන් අවුරුදු 60 පැන්නාම කාටවත් ආණ්ඩුවෙ රස්සාවක් කරන්න බෑ. දැන් ඒනිසා අවස්ථාව ඇවිල්ලා තියෙනවා තට්ටු මාරු ක්‍රමයට හොරකම් කරන කට්ටියව මාරු කරන්න කාලෙ හරි.  ඒ නිසා හොරු ආවොත් අනිත් පක්ෂෙ හොරාව ආරක්ෂා කරනවා. හොරා හොරාව අල්ලන්නෙ නෑ. ඒ නිසා ජනතාවට වගකීමක් තියෙනවා මේ දෙපැත්තෙම ඉන්න කම්බා හොරු ටික මේ පාර පරද්දන්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

No comments:

Post a Comment

Post Bottom Ad