සුදුවෑන් රියැදුරන් වෙස්ගන්වන්න මුදල් ගෙවා ඇත්තේ රාජිතගේ මාධ්‍ය ලේකම් - ප්‍රවෘත්ති නිලධාරීයා පහසුකම් දීලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 28, 2020

සුදුවෑන් රියැදුරන් වෙස්ගන්වන්න මුදල් ගෙවා ඇත්තේ රාජිතගේ මාධ්‍ය ලේකම් - ප්‍රවෘත්ති නිලධාරීයා පහසුකම් දීලා

සුදුවෑන් රියැදුරන් වෙස්ගන්වන්න මුදල් ගෙවා ඇත්තේ රාජිතගේ මාධ්‍ය ලේකම් - ප්‍රවෘත්ති නිලධාරීයා පහසුකම් දීලා

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව පැවැත් වූ රියැදුරුන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනාගේ වේශ නිරුපණය සඳහා රුපියල් 15,000ක මුදලක් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මාධ්‍ය ලේකම් මලිත් විජේනායක මහතා ගෙවා ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (27) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත දැනුම් දුන්නේය.

මේ සඳහා පහසුකම් සැපයීම සිදු කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ හිටපු ප්‍රවෘත්ති නිලධාරී තරිදු චතුරංග බවට හඳුනා ගෙන ඇති බවට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් රජයේ අධි නීතිඥ දිලීප පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු සඳහන් කළේය.

මීට අමතරව පළමු සැකකරු හා දෙවන සැකකරු ඉකුත් මස 6වෙනි දින අධිකරණය හමුවේ රහස් ප්‍රකාශ ලබා දි ඇති බවට ද රහස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

වේශ නිරුපණය සිදු කළ සමන් පුෂ්ප කුමාර යන අයගේ ප්‍රකාශ අනුව නො 129, පමුණුව පාර, මහරගම පදිංචි ලිපිනයේ අල්මාරියේ තිබී එක් රැවුලක් විමර්ශනය සඳහා සොයා ගත් බව රහස් පොලීසිය අධිකරණයට කරුණු දක්වා තිබිණි.

මෙම සිද්ධියට අදාලව එක්සත් ජාතික පක්ෂයේ දැරණියගල ප්‍රධාන සංවිධායක රංජිත් පොල්ගම්පල හා උපුල් තුෂාර යන අයගේ ප්‍රකාශ ලබා ගැනීමට ඇති බවට රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.

No comments:

Post a Comment

Post Bottom Ad