ගෝඨාභයට ප්‍රශ්නයක් නැතුව හමුදාපතිට ප්‍රශ්නයක් වුණේ කොහොම ද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 21, 2020

ගෝඨාභයට ප්‍රශ්නයක් නැතුව හමුදාපතිට ප්‍රශ්නයක් වුණේ කොහොම ද?

ගෝඨාභයට ප්‍රශ්නයක් නැතුව හමුදාපතිට ප්‍රශ්නයක් වුණේ කොහොම ද?

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් අමෙරිකාව ගත් තීරණය, ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරණ යාන්ත්‍රණයේ කොටසක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

අනුරාධපුරයේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, අමෙරිකාව විසින් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ වීසා තහනම් කරන විට ඔහු යුද හමුදාපති නොවන බවයි.

එවකට ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අමෙරිකාවෙන් ප්‍රශ්නයක් ඇති වී නොමැති නම් ශවේන්ද්‍ර සිල්වා මහතාට මෙවැනි ගැටළුවක් නිර්මාණ කර ඇත්තේ එළඹෙන මැතිවරණය නිසාවෙන් බවද ඔහු පැවසීය.

පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරණය කටයුතු නිර්මාණය කිරීම සඳහා  නැවත වතාවක් ඇමෙරිකාව යොදා ගෙන ඇත් දැයි අසා සිටි සමරසිංහ මහතා, ඔවුන්ගේ න්‍යාය පත්‍ර අනුව මෙම කටයුතු සිදුවන්නේ දැයි ප්‍රශ්න කර සිටියේය.

පැහැදිලි ලෙසම මැතිවරණ ප්‍රචාරණ කටයුතු නැවත වතාවක් කඳුළු හා අනුකම්පාව මුල් කර ගනිමින් නිර්මාණ කරන බව පෙනී යන බවත් පැවසු ඒ මහතා, බොරු දේශප්‍රේමීත්වයක් පෙන්වමින් ජනතා ප්‍රශ්න යට දැමීමට උත්සහ ගන්නා බවත් පැවසීය.

අප්‍රේල් 21 වන දිනට පාස්කු ප්‍රහාරයේ මතකයන් අලුත් වන බවත් එයට දඩුවම් දිමට නැවත මැතිවරණ ජයක ඉල්ලා සිටීමට ඔවුන් බලාපොරොත්තු වන බවත් පැවසු ඒ මහතා, එයට තවත් මාස 2 ක් වැනි කාලයක් ඇති බවත් කියා සිටියේය.

වත්මන් ආණ්ඩුවට මාස 5 ක කාලයක් ගත වී ඇතැත් තවමත් සහරාන්ලා සමඟ සම්බන්ධතා පැවැත් වු කිසිවෙකු අල්ලා සිරගත කර නොමැති බවත් වසන්ත සමරසිංහ මහතා මෙහිදී පැවසීය.

1 comment:

Post Bottom Ad