"නාම යෝජනා නොදීමට තරම් රන්ජන් වරදක් කරලා නැහැ" - හිරුණිකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 27, 2020

"නාම යෝජනා නොදීමට තරම් රන්ජන් වරදක් කරලා නැහැ" - හිරුණිකා

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිවන සමගි ජනබලවේගය සඳහා නාමයෝජනා නොදී සිටීමට තරම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වරදක් කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඇප හිමිවීමත් සමඟ ඉදිරියේදී  ඒ මහතාගේ තවත් හඬපට පිටතට එනු ඇතැයිද ඇය කියා සිටියාය.

මන්ත්‍රීවරයාට නාමයෝජනා හිමිවනු ඇති බවද  ප්‍රේමචන්ද්‍ර මහත්මිය  පැවසුවාය.

No comments:

Post a Comment

Post Bottom Ad