අපි ගත්ත ණයට පෙන්වන්න වැඩ කළා - අගමැති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 18, 2020

අපි ගත්ත ණයට පෙන්වන්න වැඩ කළා - අගමැති

අපි ගත්ත ණයට පෙන්වන්න වැඩ කළා - අගමැති

මාර්තු මාසයේ එළඹෙන පළමු වන අවස්ථාවේම පාර්ලිමේන්තුව විසුරුවන ලෙසට ජනාධිපතිතුමාට උපදෙස් දෙන්න ඇමති මණ්ඩලය  බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හාලිඇල ,ඇටම්පිටිය ජලයෝජනා ක්‍රමය විවෘත කරමින් ඊයේ (17) අගමැතිවරයා මේ බව   පැවසීය .

එහිදි අදහස් දැක්වු අගමැතිවරයා,

"පසුගිය අවුරුදු 5ක් ආණ්ඩුව යටතේ  සිටියා. අපි හිටියේ විපක්ෂයේ. ඒ කාලය තුළ කරපු වැඩක් පිළිබදව අපට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. පෙන්වන්න තැනක් නැහැ. හැබැයි ණය වෙලා ගාන බැලුවොත් ඒගොල්ල ගිහින්  තියෙන්නේ ලෝකයාටත් රටටත්  මහා විශාල ණය බරක් අපට ඉතුරුකරලා ඒගොල්ල ගිහින් තියෙන්නේ. අපි ණයගත්තා කිය කියා ඒගොල්ල කිව්වත් අප ගත්ත  ණයට පෙන්වන්න වැඩ තිබුණා. වරාය හැදුවා. ගුවන් තොටුපළ  හැදුවා. අධිවේගී මර්ග හැදුවා  අපිට කියන්න හැකියාව තිබුණා. නමුත් පසුගිය රජය ගත්ත ණය ප්‍රමාණය දිහා බැලුවම  මෙන්න මේ වැඩේ කළා කියලා  කියන්න ඔවුන්ට පුළුවන් කමක් නැහැ. මෙවැනි තත්ත්වයක් තමයි රට තුළ තිබුණේ. ඒ තත්ත්වයේ වෙනස් වීමක් ඇතිවෙලා අපි නැවත  ආණ්ඩුවක් පිහිටවූවා. ජනාධිපතිවරයෙක් පත්වෙලා තියෙනවා. මං අගමැති උනා. නමුත් අපි පාර්ලිමේන්තුවේ සුලුතරයක්. අපිට ඉන්නේ අඩු මන්ත්‍රී සංඛ්‍යාවක්. තිබෙන්නේ අඩු ඡන්ද සංඛ්‍යාවක්."

"පසුගිය රජය කාලේ අපට ඉතුරුකළ මහා ණය මුදල බේරන්න  අපි හෙට පනතක් ගේනවා.  විපක්ෂයට අවශ්‍ය නම් ඒක පරද්දන්න පුලුවන්. මොකද අපේ ඉන්න ප්‍රමාණය අඩුයි. හැබැයි මානසික  සතුටක් ලබන්න එහෙම පටු විදියට හිතුවොත් කල්පනා අපි මෙයාල පරද්දන්න මැතිවරණයට යනවා. පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැදවා මහ මැතිවරණයට දී  ඉතා ඉක්මනින් ජයග්‍රහණය ලබාගෙන රට ඉදිරියට ගෙනයන්න වැඩ කරන ආණ්ඩුවක් පිහිටුවනවා. එය නිදාගන්නා ආණ්ඩුවක් ,වැඩ  නොකර කයිවාරු ගහන ආණ්ඩුවක් හෝ  පළිගන්නා ආණ්ඩුවක් නොවේ. ඒ කාලේ ආණ්ඩුව මාගේ සිට මාගේ පවුල්වල මැති ඇමතිවරුන්ගෙන් පළිගැනීම දිගටම කරගෙන ගියා. ගම්වල අය ගෙනුත් පළිගත්තා. මේකේ ප්‍රතිපලය කුමක්ද? ඒ අය ඒකෙන් කිසිම ප්‍රතිපලයක් ලැබුවේ නැහැ . නමුත් අපි දන්නවා මහ බැංකු මංකොල්ලයක් කලා එය ඉතිහාසයේ නොතිබූ විරූ විශාල අපරාධයක්. ඒ පිළිබද ඊයේ හාමුදුරුවරු මගෙන් ඇහුවා. මේකට මොකද වෙන්නේ කියල .ඒක නීතිපතිවරයාට යවල තියෙනවා . අවශ්‍ය නීතිමය පියවරගන්න . ඒ ගැනත් සොයාබලා කටයුතු කරනවා යැයිද  අගමැතිතුමා පැවසීය .

No comments:

Post a Comment

Post Bottom Ad