මන්ත්‍රීවරයෙක්ට ලබා දෙන සියලු වරප්‍රසාද ගන්නවා - සමන් රත්නප්‍රිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 27, 2020

මන්ත්‍රීවරයෙක්ට ලබා දෙන සියලු වරප්‍රසාද ගන්නවා - සමන් රත්නප්‍රිය

මන්ත්‍රීවරයෙක්ට ලබා දෙන සියලු වරප්‍රසාද ගන්නවා - සමන් රත්නප්‍රිය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස යන ගමනේ දී මන්ත්‍රීවරයෙකුට හිමි අයිතිවාසිකම් ඇත්නම් එය ප්‍රතික්ෂේප කිරීමට තමා තුළ අදහස් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මන්ත්‍රිවරයෙක් ලෙස වරප්‍රසාද සියල්ල ලබා ගත්තේ ද යන්න මෙහිදී මාධ්‍යවේදීන් විසින් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ, එම අත්දැකීම නරකම නැති බවයි.

දවස් 6 ක් වැනි කාලයක් තමා පාර්ලිමේන්තු ගිය බවත් එයින් දින 3ක් පමණ පාර්ලිමේන්තුව තුළ තමා කථා කළ බවත් පැවසු මන්ත්‍රීවරයා, තමාට මෙය අලුත් දෙයක් නොවන බවත් පැවසීය.

තමා ලෝකයේ හා රටේ ජනතාව වෙනුවෙන් කථා කළ අයෙක් බවත් පැවසු සමන් රත්නප්‍රිය මහතා , අයිතිවාසිකම් වෙනුවෙන් වසර 27ක් වැඩ කර ඇති බවත්, තමාට දේශපාලනයට බොහෝ කාලයකට පෙර සිටම ආරාධනා කර තිබු බවත් කියා සිටියේය.

2005 දී මහින්ද රාජපක්ෂ මහතා ගෙන ඒමට වැඩ කටයුතු සිදු කරනු ලැබුවේ ද තමා බව පැවසු සමන් රත්නප්‍රිය මහතා, ඒ කාලයේ සිටම ආරාධනා කළ ද ඒ කාලයේ සිටම දේශපාලනයට නොපැමිණියේ තමා විසින් වැඩ කොටසක් අවසන් කිරීමට තිබු නිසාවෙන් බවත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස යන ගමනේ දී මන්ත්‍රීවරයෙකුට හිමි යම් යම් අයිතිවාසිකම් ඇත්නම් එය ප්‍රතික්ෂේප කිරීමට තමා තුළ අදහස් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි.

තමා ඒ බව පැහැදිලිව ප්‍රකාශ කරන බවත්, රටේ ජනතාව වෙනුවෙන් එය සිදු කරන අතර මාස 6 ක් හෝ වසරක් වැනි කාලයක් තුළ තමා එය ඉටු කරන්නේ දැයි බලා ගත හැකි බවත් ඒ මහතා කියා සිටියේය.

වරප්‍රසාද යටතේ තීරු බදු රහිත වාහන පිළිබඳ කථා බහ කරන අතර, එය ලබා ගැනීමට 40,000 ක පමණක් සිටින බවත් පැවසු සමන් රත්නප්‍රිය මහතා, ඔවුන්ගෙන් ද මේ ගැන ප්‍රශ්න කළ යුතු යැයි මාධ්‍යවේදීන්ට පැවසීය.

කෙසේ වෙතත් යමක් හිමිවන්නේ නම් රටේ ජනතාව වෙනුවෙන් එය අනිවාර්යයෙන්ම භාවිතා කරන බවත් පැවසු ඒ මහතා, ඉදිරියේ දී ඒ බව දැකබලා ගත හැකි බවත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad