ජිනීවා යෝජනාවෙන් රටට අගතියක් වෙලා නෑ - අජිත් පී. පෙරේරා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 23, 2020

ජිනීවා යෝජනාවෙන් රටට අගතියක් වෙලා නෑ - අජිත් පී. පෙරේරා

ජිනීවා යෝජනාවෙන් රටට අගතියක් වෙලා නෑ - අජිත් පී. පෙරේරා

ශ්‍රී ලංකාව සහ අමෙරිකාව සමඅනුග්‍රාහකත්වය දැක්වූ ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවෙන් රටට කිසිඳු අගතියක් සිදුව නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි. 

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම රජය විසින් පසුගිය රජය සමඅනුග්‍රාහකත්වය දැක්වූ ජීනිවා යෝජනාවෙන් ඉවත් වන්නේ නම් වගන්ති 2කින් නොව සම්පූර්ණ යෝජනාවෙන් ඉවත් විය හැකි බවත් ඒ මහතා පැවසීය.

මෙය ජනතාව රැවටීම සඳහා කරන ක්‍රියාවක් බවත් එම යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන් යහපතක් මිස මෙරටට සිදුවු කිසිම අගතියක් නැති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad