සුමන්තිරන් හැමදාම රණවිරුවන් එක්ක වෛරයෙන් ඉන්නේ - බන්දුල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 25, 2020

සුමන්තිරන් හැමදාම රණවිරුවන් එක්ක වෛරයෙන් ඉන්නේ - බන්දුල

සුමන්තිරන් හැමදාම රණවිරුවන් එක්ක වෛරයෙන් ඉන්නේ - බන්දුල

රට තුළ සිදුවූයේ දෙමළ ජනතාව ඉලක්ක කරගත් යුද්ධයක් නොව ජාති ආගම් බේදයකින් තොරව සියලු ජනතාව මුදාගැනීමේ මානුෂීය මෙහෙයුමක් වන බැවින් තමන් දරන වෛරී ස්වරූපයෙන් මිදෙන ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හෝමාගම දී පැවති පොදුජන ඉංජිනේරු පෙරමුණේ වැඩසටහනකට එක්වෙමින්.

ප්‍රශ්නය - උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කියලා තියෙනවා ජිනීවා යෝජනා එහෙම ඉවත් කර ගන්න බෑ කියලා

මෙයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ ඔවුන්ගේ එකම පරමාර්ථය මෙය බවයි.

රණවිරුවන් දඩුකදේ ගැසීම සඳහා නොසන්සිදෙන වෛරයකින්  සුමන්තිරන් මහතා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් පෙනී සිටිය බව පැවසු අමාත්‍යවරයා, එම වෛරයෙන් මිදී දෙමළ ජනතාවට විරුද්ධව කළ අරගලයක් නොව මෙය සියලු ජනතාවට ජීවිත් වීමට කළ මානුෂීය මෙහෙයුමක් බව තේරුම් ගත යුතු බවත් පැවසීය.

විපක්ෂ නායකවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පවා ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂා කළ යුතු යැයි පවසන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ප්‍රශ්නය - මේ දවස්වල ආණ්ඩුවට චෝදනාවක් තියෙනවා එයාර් බස් සම්බන්ධයෙන් දඩුවම් කරන්න ඔබ තුමාගේ අදහස කුමක් ද?

මෙයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඕනෑම ආණ්ඩුවක් යටතේ යම් යම් පුද්ගලයින් විසින් හොරකම් කළ හැකි වුවත් ඒවාට දඩුවම් කළ යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad