ජේ.ආර්, චන්ද‍්‍රිකා, රනිල්, මෛත‍්‍රී නොකල වරද මහින්ද කලා.. සයින්දමරුදු නගර සභාව මහා දේශපාලන වරදක්.. මහින්ද ෆෙඩරල් උගුලේ වැටුනා - වසන්ත බණ්ඩාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 19, 2020

ජේ.ආර්, චන්ද‍්‍රිකා, රනිල්, මෛත‍්‍රී නොකල වරද මහින්ද කලා.. සයින්දමරුදු නගර සභාව මහා දේශපාලන වරදක්.. මහින්ද ෆෙඩරල් උගුලේ වැටුනා - වසන්ත බණ්ඩාර

මුස්ලිම් ජනතාව පමණක් වාසය කරන සායින්දුමරුදු ප්‍රදේශය වෙනම බල නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත්කර ගැනීම 1987 වසරේ සිට තිබූ ඉල්ලීමක් වුවද මෙතක් පැවති රජයන් ඒ ඉල්ලීම්වට දේශපාලන වෙට්ටු දමමින් එය ඉටු නොකල බව ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
එම ඉල්ලීමේ ජාතිවාදී ස්වරූපයක් තිබුණු බව දුටු නිසා එවකට ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා ඊට එකඟ නොවී සයින්දමරඅදු ප‍්‍රදේශය කල්මුණේ නගර සභාව යටතේ ම ගැසට් කළ බවද ඔහු පැවසීය.

නමුත් 1989 දී ප්‍රේමදාස ජනාධිපතිවරයා මුස්ලිම් කොංග‍්‍රස් ඉල්ලීමට යටවී දෙමල හා මුස්ලිම් ජාතිකත්ව පදනමින් කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දෙකඩ කළ බවද ජාතිකත්ව පදනමින් ප‍්‍රාදේශීය සීමා වෙන් කිරීම විශාල වරදක් බවත් වසන්ත බණ්ඩාර මහතා සදහන් කලේය.

මෙම කටයුත්ත දීර්ඝකාලීනව මුස්ලිම් බල ප්‍රදේශයක් නිර්මාණය කර ගැනීමේ කටයුත්තට අදාළව සිදු වූ දෙයක් සයින්දමරුදු ප්‍රදේශයේ මෙසේ වෙන්කර ගැනීමේ උවමනාව මුස්ලිම් බෙදුම්වාදී ව්‍යාපාරය වුණාමත් සමග ගැටගැසී ඇතැයිද ඔහු කියා සිටියේය.

අවස්ථා කිහිපයකදීම එය හෙළි වූ බවත් 2003 දී ප්‍රසිද්ධ කරන ලද ඔලුවිල් ප්‍රකාශය අනුව නැගෙනහිර මුස්ලිම් නිජබිමක් ලෙස පිලිගත යුතු බවත්, වෙනම මුස්ලිම් කවුන්සලයක් පිහිටුවිය යුතු බවත්, මුස්ලිම් ස්වයංතීරණ අයිතිය පිලිගත යුතු බවත් සදහන් වූ බවද පෙන්වා දුන්නේය.

ඉන්පසුව එළිදැක්වූ 2006 මුතූර් ප්‍රකාශයේ දී ද වෙනම මුස්ලිම් සභාවක් පිහිටුවීම සඳහා වූ තීන්දුවද ගත් බවද එසේ පිහිටුවන ලද මුස්ලිම් කවුන්සලයේ උච්ච ස්ථානය ලෙස සයින්දමරුදු ලෙස ඔවුන් විසින් හඳුන්වා ඇති බවද පැවසූ වෛද්‍යවරයා ඒකාබද්ධ නොවූ මුස්ලිම් ස්වයං පාලන ඒකක ඒකාබද්ධ කිරීමේ බෙදුම්වාදී උවමනා සමග ඒවා ගැටගැසී ඇතැයිද කියා සිටියේය.

2015 දී මෙම ඉල්ලීම රනිල් වික්‍රමසිංහ මහතාට ද පැමිණි නමුත් පළපුරුදු දේශපාලනඥයකු වූ ඔහු එම ඉල්ලීමට දේශපාලන වෙට්ටුවක් දමා බේරුණු බවද ඉන්පසු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වෙත ද මෙම ඉල්ලීම පැමිණියද ඔහු ද ඊට හසු නොවූ බව වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

නමුත් අද අවාසනාවන්ත තත්වය වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම උගුලට අවාසනාවන්ත ලෙස පය තැබීම බවද ඔහු පැවසුවේය.

මෙය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද ඉතා බරපතල දේශපාලන වරදක් බවත් මෙය එදා බණ්ඩාරනායක මහතා හෝ සේනානායක මහතා බෙදුම්වාදී ෆෙඩරල් යෝජනා වලට එකග වූවා නම් වන වරදට සමාන වරදක් බවත් ඔහු සඳහන් කළේය.

දැනටද කල්මුණේ නගර සභාවට අයත් සයින්දමරුදු ප්‍රදේශයට වෙනම නගර සභාවක් ඉල්ලීම සමාන වන්නේ දැනට කොලඹ නගර සභාවට අයත් දෙමටගොඩ ප්‍රදේශයට වෙනම නගර සභාවක් ඉල්ලීමක් සේ බවද පෙන්වා දුන්නේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු වසන්ත බණ්ඩාර මහතා මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad