සිස්ටම් චේන්ජ් කියන්නෙ මේකද ? මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්නේ IMFට බයේ - පාඨලී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 7, 2020

සිස්ටම් චේන්ජ් කියන්නෙ මේකද ? මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්නේ IMFට බයේ - පාඨලී

වත්මන් ආණ්ඩුව ඉන්ධන මිල සූත්‍රය දිගටම ක්‍රියාත්මක කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බියෙන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

"දැන් අර මිල සූත්‍රය. මිල සූත්‍රයට හිනාවෙවී හිටියේ. ඇත්තටම මිල සූත්‍රය ඇයි ක්‍රියාත්මක කරන්නෙ ? පැහැදිලිවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කරන්න තමයි මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්නෙ.

මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාර්තු මාසයේ මේ පිළිබඳව, රටේ තත්වය පිළිබඳව යම් ඇගයීමක් කරනවා. ඒ අවස්ථාවේදී මිල සූත්‍රය නොතිබ්බොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ක්‍රියාවලියෙන් ඉවත්වෙයි කියන බයටයි මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

එසේම ඉහළ යන බඩුමිල සම්බන්ධයෙන් ද ඒ මහතා එහිදී දැක්වීය.

"මොවුන් බලාපොරොත්තු වුණා වැට් බදු ආදී බදු අඩු කිරීමෙන් රටේ ජනතාවගේ බඩුමිල අඩු වෙලා ජීවන තත්වය පහසු වෙයි කියලා. අද වෙනකොට බඩුමිල පාලනය කරන්න බැරි තත්වෙට පත්වෙලා රටේ ජනාධිපතිවරයාට කඩෙන් කඩේට යන්න වෙලා බඩුමිල පාලනය කරන්න පුළුවන්ද බලන්න. සිස්ටම් චේන්ජ් එක කියන්නෙ ඕක නෙවෙයි. අද වෙනකොට ඊයේ මාධ්‍ය වාර්තා කළා ප්‍රධාන සංවර්ධන ක්‍රියා ඔක්කොම අගෝස්තු වෙනකල් නවත්තලා කියලා. ඒකට අපේ රජයට දොස් කියලා වැඩක් නෑ. ඕනෙම වෙලාවක අයවැය ගේන්න, අපි සහාය දෙනවා.

ඇත්ත කතාව ඒක නෙවෙයි, ඇත්ත කතාව තමයි මේ බදු සහනය දීම නිසා රුපියල් බිලියන 600කට අධික ප්‍රමාණයක් ආණ්ඩුවට අහිමි වුණා" යැයි ඒ මහතා ප්‍රකාශ කළේය

චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ඊයේ (06) කොළඹදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad