13 ගැන, බලය බෙදීම ගැන ප‍්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත ලොක්කන්ට ජනපති කියා දෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 7, 2020

13 ගැන, බලය බෙදීම ගැන ප‍්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත ලොක්කන්ට ජනපති කියා දෙයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ යුරෝපා සංගමය නියෝජනය කරන මෙරට තානාපතිවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ඔවුහු යුරෝපා සංගමය වෙනුවෙන් පළමුව ජනාධිපතිතුමාට සහ නව රජයට සුභාශිංසන පළ කළහ.

මනා ලෙස සංවිධානය කරන ලද ජනාධිපතිවරණ ව්‍යාපාරය පිළිබඳව සතුට පළ කළ තානාපතිවරු ජනාධිපති ධූරයේ දිවුරුම් දෙමින් ජනාධිපතිවරයා කළ කථාව අගය කළහ.

ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස ධනාත්මකව බලන ලෙස මෙහිදී ජනාධිපතිතුමා යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය පැහැදිළි කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල්වලට ලොව අනෙකුත් රටවල් හා සමාන වේගයෙන් සංවර්ධනය වීම සඳහා උපකාර කිරීම කලාපීය බලඅධිකාරිත්වයට මුහුණ දීමේ ප්‍රශස්තම පියවර බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු (Mr. Eric Lavertu), ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති ජොන් රොඩේ (Mr. Jorn Rohde), ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉතාලි තානාපති අලෙග්‍රා බයිස්ට්‍රෝචි (Ms Allegra Baistrocchi), ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති තන්ජා ගොන්ග්‍රිප් (Ms. Tanja Gonggrijp), ශ්‍රී ලංකාවේ රොමේනියා තානාපති වික්ටර් චියුජ්ඩේ (Mr. Victor Chiujdea) යන මහත්ම මහත්මීහු සහ යුරෝපා සංගමයේ ශ්‍රි ලංකා දූත කාර්යාලයේ ඩෙනිස් චායිබ් (Mr. Denis Chaibi) මහතා ද හමුවට එක්ව සිටියහ.
සංවර්ධනය සහ බලය බෙදීම පිළිබඳව වැඩිදුර කරුණු දැන ගැනීමට නියෝජිත කණ්ඩායම උනන්දුවක් දැක්වීය. ඊට පිළිතුරු ලෙස ජනාධිපතිතුමා කියා සිටියේ දේශපාලන විසඳුම් සංවර්ධන ක්‍රියා පිළිවෙත සමග සමගාමීව ඉදිරියට යා යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad