"මම එහෙම රැස්වීමක් තිබ්බෙත් නැහැ - මට මනාප ඉල්ලීමේ කැත පුරුද්දකුත් නැහැ" - දයාසිරි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 24, 2020

"මම එහෙම රැස්වීමක් තිබ්බෙත් නැහැ - මට මනාප ඉල්ලීමේ කැත පුරුද්දකුත් නැහැ" - දයාසිරි

ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා පැමිණි ගමනේ ඉදිරිපත් වූ එකඳු මැතිවරණයකදීවත් තමන් පුද්ගලිකව මනාප නොඉල්ලූ බවත් එසේ පුද්ගලිකව මනාප ඉල්ලීමේ ජරා දේශපාලනයක තමා නියැලී නොමැති බව ශ්‍රීලනිප මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. 

එසේම තමන් මනාප ඉල්ලමින් හෝ ශ්‍රීලනිප නායකත්වය ගැන සඳහන් කරමින්  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් කිසිදු රැස්වීමක් නොපැවැත්වූ බවද මහ ලේකම්වරයා සඳහන් කරයි. 

තමා කිසි දිනක තනතුරු හඹා නොගිය පුද්ගලයෙකු බවත් වයඹ පළාත් සභාවට ඉදිරිපත් වූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී එය එක්සත් ජාතික පක්ෂයටම පූජා කළ පුද්ගලයෙකු බවද ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරයි. 

ජයසේකර මහතා මෙම අදහස් පළ කළේ අප වෙබ් අඩවියේ පළ වූ බළලා මල්ලෙන් එළියට පනී ! දයාසිරිගේ ශ්‍රීලනිප නායකයා වීමේ සැලැස්ම එළි දකී - පළමු පියවර ලෙස චන්ද්‍රිකා එළියට යන මැයෙන් වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. 

No comments:

Post a Comment

Post Bottom Ad