චන්ද්‍රිකාට ඕනේ නම් අත්තනගල්ල දෙන්නම් ශ්‍රීලනිපය සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 20, 2020

චන්ද්‍රිකාට ඕනේ නම් අත්තනගල්ල දෙන්නම් ශ්‍රීලනිපය සූදානම්

චන්ද්‍රිකාට ඕනේ නම් අත්තනගල්ල දෙන්නම් ශ්‍රීලනිපය සූදානම්

අවශ්‍ය නම් පක්ෂය සමග යළි සාකච්ඡා කර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට අත්තනගල්ල ආසන සංවිධායක ධුරය ලබාගත හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. ඇය සංවිධායක ධුරයෙන් ඉවත් කරමින් විනය සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව ගත්තේ වැදගත් තීන්දුවක් බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියයි.

ජනාධිපතිවරණයේදී ගෝඨ‍ාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීන්දුවක් ගෙන තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ස්ථාපිත කර එක්සත් ජාතික පක්ෂයට සහාය දැක්වීම අනුමත නොකරන බව ඔහුගේ අදහස වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් හිටපු ජනාධිපතිනිය ඉවත් කර රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගියදා පියවර ගන්නා ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad