ඉරානයෙන් අමෙරිකාවට ප්‍රථම ප්‍රහාරය එල්ල කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 8, 2020

ඉරානයෙන් අමෙරිකාවට ප්‍රථම ප්‍රහාරය එල්ල කරයි

ඉරානයෙන් අමෙරිකාවට ප්‍රථම ප්‍රහාරය එල්ල කරයි

අමෙරිකාව විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාකයේ බග්ඩාඩ් නුවර දී ඉරාන විප්ලවීය නායක කාසීම් සුලෙයිමානි ඝාතතනය වීමත් සමඟ ඉරානය සහ අමෙරිකාව අතර ඉතාමත් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තා. බොහෝ දෙනා එය යුද්ධයක් දක්වා යනු ඇති බවද සිතුවා.

ඒ අනුව අද දිනයේ ඉරානය විසින් තමන්ගේ යුද නායකයාගේ මරණයට අමෙරිකාවට පිළිතුරු දෙනු ලැබුවේ ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට මිසයිල ප්‍රහාරයක් එල්ල කරමිනි.

CNN මාධ්‍ය ජාලය වාර්තා කරන අන්දමට බටහිර ඉරාකයේ අන්බර් පළාතේ අල් අසාද් වල පිහිටි අමෙරිකානු ගුවන් හමුදා කඳවුරකට මෙලෙස ප්‍රහාරයක් දියත් වී ඇතිබව සඳහන් වෙනවා. ප්‍රහාරය දියත් කර ඇත්තේ ඉස්ලාමීය විප්ලවය ආරක්ෂක බලකාය (Islamic Revolution Guards Corps (IRGC)) විසිනි.

මෙම ප්‍රහාරයෙන් සිදු වු හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අමෙරිකාව තමන්ගේ ඉරාක කඳවුරකට සුළු ප්‍රහාරයක් එල්ල වු බවට නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad