"මහමැතිවරණයේදී රනිල් - සජිත් - කරූ එකට සිටගත යුතුයි" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 23, 2020

"මහමැතිවරණයේදී රනිල් - සජිත් - කරූ එකට සිටගත යුතුයි"

ඉදිරි මහමැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන්  රනිල්,  සජිත්, කරූ එකට සිටගත යුතු බව හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

ආණ්ඩුවේ දුර්වලතාවලින් ප්‍රයෝජන ගෙන ඉදිරි මහමැතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට මෙම නායකයන් එක්ව කටයුතු කළ යුතුව ඇතැයිද  කිරිඇල්ල මහතා   සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.

තනතුරු පස්සේ එලවන්න ගියොත්  පක්ෂයට ගමනක් නොමැති බවත් පැවසූ කිරිඇල්ල මහතා  ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් සියලු නායකයින් සමගියෙන් කටයුතු කළ යුතු බවත්  සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad