විරුද්ධ පක්ෂය මර්දනය කරන්න නීතිය දඩබල්ලෙක් කර ගන්නේ නෑ - විමලවීර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 18, 2020

විරුද්ධ පක්ෂය මර්දනය කරන්න නීතිය දඩබල්ලෙක් කර ගන්නේ නෑ - විමලවීර

විරුද්ධ පක්ෂය මර්දනය කරන්න නීතිය දඩබල්ලෙක් කර ගන්නේ නෑ - විමලවීර

විරුද්ධ පාර්ශ්ව මර්දනය කිරීම සඳහා නීතිය නීතිය දඩ බල්ලෙකු කිරීමට වත්මන් ආණ්ඩුව කටුයුතු නොකරන බව රාජ්‍ය අමාත්‍ය විමලවිර දිසානායක මහතා පවසයි.

අම්පාරේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, වත්මන් ආණ්ඩුව පසුගිය ආණ්ඩුව මෙන් පුද්ගලයෙක් අරමුණු කර ගනිමින් නීතිය දඩබල්ලෙකු කර ගෙන පෞද්ගලික ද්වේශයකින් කටයුතු නොකරන බවයි.

අධිකරණය හා පොලීසිය ස්වාධීන වී ඇතැයි වාසි බස් දොඩන හිටපු ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ඒ ස්වාධීන අධිකරණ හෝ පොලීසිය කිසිවෙකුගෙන් පළිගැනීමට මෙහෙයවන්න පුළුවන් වේයැයි සිතිය නොහැකි බවත් ඒ මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad