කොළොන්නාව තෙල් සංස්ථාවේ කෝටි 4ක ‌තෙල් කාන්දුවක් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 22, 2020

කොළොන්නාව තෙල් සංස්ථාවේ කෝටි 4ක ‌තෙල් කාන්දුවක් !

කොළොන්නාව තෙල් සංස්ථාවට අයත් ඉන්ධන ගබඩා ටැංකිවලින් රුපියල් කෝටි හතරකට අධික පෙට්‍රල් හා නැප්ටා ලීටර් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් කාන්දුවීමේ සිද්ධිය සංස්ථාව මගින් යටපත් කර ඇති බව එහි සේවකයන් අනාවරණය කරයි.

කොළොන්නාවේ පිහිටි අංක 31 ටැංකියෙන් ඔක්ටේන් 92 ලීටර් ලක්ෂ දෙකකට ආසන්න පෙට්‍රල් තොගයක් ‌මෙලෙස කාන්දුවී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී බව පැවසේ.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 240කට අධික බවද සඳහන් වේ.

ඒ ආකාරයට නැප්ටා ලීටර ලක්ෂ 2ක්ද ටැංකියෙන් කාන්දු වී තිබේ.

නැප්ටා ලීටරයක් රුපියල් අසූවකට පමණ විදුලිබල මණ්ඩලයට අලෙවි කරන අතර එසේ කාන්දු වූ නැප්ටා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 160ක් වන බවද වැඩිදුරටත් වාර්තා වේ.

(මූලාශ‍්‍රය - නිව්ස් හබ්)


No comments:

Post a Comment

Post Bottom Ad