BRI හා සම්බන්ධවීමෙන් ණය උගුලකට හසු වුණේ නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 10, 2019

BRI හා සම්බන්ධවීමෙන් ණය උගුලකට හසු වුණේ නෑ

BRI හා සම්බන්ධවීමෙන් ණය උගුලකට හසු වුණේ නෑ

චීනය සමඟ මිත්‍ර සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීමට තම රජය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

දෙරට අතර ශක්තිමත්, දිගුකාලීන මිත්‍රත්වයක් ඇති බවත් ඒ සඳහා අඩිතාලම දමා ඇති බවත්  කොළඹ වරාය නගරයේදී ෂිංහුවා පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් රාජපක්ෂ මහතා මේ බව පැවැසීය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා චීනයේ ශක්තිමත් හා දිගුකාලීන සහයෝගය තම රජය කිසිදා අමතක නොකරන බව නව අගමැතිවරයා පැවසීය.

චීනය විසින් ආරම්භ කරන ලද එක් මාවතක් එක් තීරයක් වැඩසටහනට සම්බන්ධවීවෙන් ශ්‍රී ලංකාව ණය උගුලකට හසුවූ බවට බටහිර මාධ්‍ය කරන ප්‍රකාශ විශ්වාස නොකරන බවත් ඔහු සඳහන් කළේය.

"හම්බන්තොට වරාය සහ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දී ඇති ණය ඉතා පැහැදිලිව ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇති බවට අපට විශ්වාසයි. අද ආර්ථිකය බිඳ වැටී තිබෙන්නේ.  නමුත් අපි එය නැවත ගොඩනඟූ  විට ණය ආපසු ගෙවීම ප්‍රශ්නයක් නොවෙයි." යැයි ඔහු පැවැසීය.

එසේම ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හම්බන්තොට වරාය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළේය.

"ස්වෛරීභාවය පිළිබඳ කිසිදු ගැටළුවක් ඇති බව ජනාධිපතිවරයා අදහස් කළේ නෑ. පෙර පැවැති රජය මෙන් වත්කම් පෞද්ගලීකරණය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය නොවන බවයි ජනාධිපතිවරයා අදහස් කළේ. ශ්‍රී ලංකාවට හා චීනයට කිසියම් ගැටළුවක් ඇත්නම්, අපට පහසුවෙන් මිතුරන් ලෙස සාකච්ඡා කර විසඳා ගත හැකියි” යැයි ඔහු පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad