ශ‍්‍රී ලංකාව සිංහලයන්ගේ රට නොවේ.. මහාවංශය මිථ්‍යා ප‍්‍රබන්ධයක්.. ලංකාව දෙමල ජනතාවගේ රටයි - විග්නේෂ්වරන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 16, 2019

ශ‍්‍රී ලංකාව සිංහලයන්ගේ රට නොවේ.. මහාවංශය මිථ්‍යා ප‍්‍රබන්ධයක්.. ලංකාව දෙමල ජනතාවගේ රටයි - විග්නේෂ්වරන්

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් යැයි කිසිවෙකුට අර්ථගැන්වීමට අයිතියක් නැති බව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

මහාවංශය වැනි ග්‍රන්ථ පාලි භාෂාවෙන් රචනා කර ඇති ප්‍රබන්ධ බවද හිටපු මහ ඇමතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
එම ප්‍රබන්ධ මඟින් සිංහල ජනතාවට වැරදි මත ලබා දී ඇති බවද සිංහල ඉතිහාසය දෙස ඔවුන් විශාල ප්‍රබන්ධයක් ගොඩනැගීමට උත්සාහ දරා ඇති බවත් ඔහු සඳහන් කරයි.

ඉතිහාසයේ කිසිදු අවස්ථාවක උතුරු හා නැගෙනහිර පළාත්වල කිසිම සිංහල ජාතිකයෙකු ජීවත්වීමෙන් ඇතැයිද පවසන විග්නේෂ්වරන් සංහලයන්ගේ නිජ බිම ශ්‍රී ලංකාවේ යයි කිසිලෙසකින් හැඳින්විය නොහැකි බවද සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ මුල් පදිංචි කරුවන් දෙමළ ජනතාව බවත් අතීතයේදී මේ රටේ ජීවත් වී ඇත්තේ දෙමළ බෞද්ධයන් පමණක් බවත් ඔහු සඳහන් කරයි.

සිංහල ජනතාවගේ රට ශ්‍රී ලංකාව යයි ප්‍රකාශ කිරීම නිසා ජාතින් අතර සමගිය බිඳ වැටී ඇතැයි ඔහු තවදුරටත් නිවේදනෙය් සඳහන් කරයි.

මේ අතර එම ප්‍රකාශයට විරුද්ධව සංවිධාන කිහිපයක් විසින් පොලිස් මූලස්ථානය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

උතුරේ මහ හිටපු මහ ඇමතිවරයාගේ මෙම නිවේදනය මගින් ජාතීන් අතර අසමගි පැතිරෙන බව එම පැමිණිලිකරුවන් සදහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad