උතුරට ආණ්ඩුකාරවරයකු පත් නොකිරීම අසාධාරණයක් - සම්බන්ධන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 11, 2019

උතුරට ආණ්ඩුකාරවරයකු පත් නොකිරීම අසාධාරණයක් - සම්බන්ධන්

උතුරට ආණ්ඩුකාරවරයකු පත් නොකිරීම අසාධාරණයක් - සම්බන්ධන්

උතුරු පළාත සඳහා තවමත් ආණ්ඩුකාරවරයකු පත් කිරීමට රජයට නොහැකි වීම නිසා බොහෝ තීන්දු තීරණ ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත‍්‍රීවරයා මාධ්‍යවේදීන්ට ප‍්‍රකාශ කළේය.

මේ පිළිබඳව තමන් අවස්ථා කිහිපයක්ම රජයට දැනුම් දීම් හා මතක් කිරීම් කළ බව කී සම්බන්ධන් මහතා වෙනත් පළාත්වලට කඩිනමින් ආණ්ඩුකාරවරයකු පත් කිරීමට මේ රජයට තිබූ උනන්දුව උතුරු පළාතට ආණ්ඩුකාරවරයකු පත් කිරීම සම්බන්ධයෙන් නොමැති බව ද සඳහන් කළේය.

උතුරු පළාතට ආණ්ඩුකාරවරයකු පත් නොකිරීම නිසා වසර අවසානයේ ලබාදිය යුතු ස්ථාන මාරුවීම් පිළිබඳව හා වෙනත් කටයුතු සම්බන්ධයෙන් විශාල අර්බුදයක් ඇති වී තිබෙන බව කී ඔහු මේ නිසා අසරණභාවයට පත්ව සිටින ගුරුවරුන් පිරිසක් පැමිණ තමන්ට පැමිණිලි කළ බව ද කියා සිටියේය.

වසර හයකට වඩා වැඩි කාලයක් උතුරේ සේවය කොට ඇති ගුරුවරුන් විශාල පිරිසකට ලබන වර්ෂය සඳහා ස්ථාන මාරුවීම් ලබාගැනීමට ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය නොමැති වීම නිසා ඒ ගුරුවරුන්ට විශාල අසාධාරණයක් සිදුව ඇති බව ද සම්බන්ධන් මහතා පැවසීය.

ගුරුවරුන්ට පමණක් නොව උතුරු පළාත් සභාව යටතේ පාලනය වන සෑම ආයතනයකම මෙන්ම ජනතාවට ද ආණ්ඩුකාරවරයකු පත් නොකිරීම නිසා විශාල අසාධාරණයක් සිදුව ඇති බව සම්බන්ධන් මහතා කියා සිටි අතර තමන් යළිත් වරක් මේ පිළිබඳව රජයට දැනුම් දෙන බව ද පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad