නිසි ලෙස සංවිධානය වූවොත් එජාපයට ආසන 113 ක් දිනාගත හැකියි - රනිල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 11, 2019

නිසි ලෙස සංවිධානය වූවොත් එජාපයට ආසන 113 ක් දිනාගත හැකියි - රනිල්

නිසි ලෙස සංවිධානය වූවොත් එජාපයට ආසන 113 ක් දිනාගත හැකියි - රනිල්

නිසි ලෙස සංවිධානය වී කටයුතු කළහොත් මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ආසන 113 ක් හෝ ඊට වැඩියෙන් දිනාගත හැකි බව එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරණයේදී පසුබැස්ස ද ඉන් පක්‍ෂයක් ලෙස අඩපණ විය යුතු නැති බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන සියලූ පාර්ශ්ව එක්කර ගනිමින් මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් සමගිව කටයුතු කළ යුතු බව ද රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

දැනට තිබෙන ඡුන්ද ප‍්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්‍ෂයට ආසන 105 ක් හෝ 106 ක් ලබාගත හැකි බවත් නියම ලෙසම කැපවී කටයුතු කළහොත් මන්තී‍්‍ර ආසන 113 ක් හෝ ඊට වැඩියෙන් දිනාගත හැකි බවත් හෙතෙම කීය.

එබැවින් මෙතැන් සිට බිම් මට්ටමේ සිට පක්‍ෂ යාන්ත‍්‍රණය නැවත ශක්තිමත් කරමින් පක්‍ෂය දිනවන වැඩපිළිවෙළ නැවත ආරම්භ කළ යුතු යැයි ද රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad