සිරිසේන සත පහකට විශ්වාස නෑ.. පුටුව එපා පොහොට්ුව පමණයි.. ඔහුටත් පොහොට්ටුවෙන් එන්න කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 16, 2019

සිරිසේන සත පහකට විශ්වාස නෑ.. පුටුව එපා පොහොට්ුව පමණයි.. ඔහුටත් පොහොට්ටුවෙන් එන්න කියයි

දිරි මහා මැතිවරණයට තරග කරන සන්ධානය කුමක් වුවත් ලකුණ පොහොට්ටුව විය යුතුම බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.


පක්ෂ නායකයින් අතර කුමන ගිවිසුම් ඇති වුවද ජනතාවට වටින්නේ ජනතාව සමග ඇති කර ගත් ගිවිසුම බව පෙන්වා දෙන රණතුංග මහතා කවුරු කා සමග ගිවිසුම්ගත වුව ද ක්‍රියා කළ යුත්තේ ජනතා අපේක්ෂාව හදුනාගෙන ඒ අනුව බව ද පෙන්වා දෙයි.

ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමක් කීවද එළඹෙන මහා මැතිවරණයේ දි තරග කරන්නේ පොහොට්ටුවෙන් පමණක් බව රණතුංග මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අත්තනගල්ල බල මණ්ඩල රැස්විමට එක්වෙමින් රණතුංග මහතා මේ බව සදහන් කළේය. අත්තනගල්ල තිහාරිය පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දි රැස්වීම පැවැත්විණ.

මෙහි දි වැඩිදුරටත් අදහස් දැක් වු ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේ ය.

“මම දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්තුමා කියලා තියෙනවා පක්ෂ 27 ක් එක්ක ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා, ඒ ගිවිසුම අනුව ඊළග මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ පුටුව ලකුණින් කියලා. ඔය පක්ෂ නායකයෝ මොන ගිවිසුම් ගැහුවත් මේ රටේ ජනතාව සමග තිබෙන ගිවිසුමයි වටින්නේ. දැන් රටේ ජනතාව අප සමග ගිවිසුමකට එළඹිලා ඉවරයි පොහොට්ටුව  දිනවන්න. ඒක පසුගිය ජනාධිපතිවරණයෙන් තහවුරු වුණා. ඒ නිසා මම කියන්නේ අපි මොන මොන සන්ධාන ගැහුවත්, ඊලග මහා මැතිවරණයට තරග කරන්නේ පොහොට්ටුව ලකුණින්මයි.

අපේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මේ පක්ෂය හදන්න රෑ දවල් නැතුව කැප වුණේ අපි. මේ පක්ෂය අපි හැදුවේ රෝස මල් යහනාවක ඉදන් නෙමෙයි. අද ඔය ලොකු  කථා කියන මහත්තුරු අලුත් පක්ෂයක් හැදුවොත් අපිව පාරක් පාරක් ගානේ ඇවිද්දෝනවයි කිව්වා පක්ෂයෙන් එලවනවා කිව්වා. මහින්ද මහත්තයට ආදරය කරන මිනිස්සු මේ පක්ෂය හදන්න තමන්ගේ ලේ, කදුළු, දහඩිය කැප කෙරුවා. ඒ නිසා අපි හදපු, ජනතාව ආදරය කරන මේ  පක්ෂයවත්, මේ පක්ෂයේ ලකුණ වන පොහොට්ටුවවත් නැති කරන්න අපි කිසිවෙකුට ඉඩ තියන්නේ නෑ. එදා අපි පොහොට්ටුව හැදුවේ නැත්තම් අද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වෙන්නෙත් නෑ.

මහින්ද මහත්තයව අපි පාර්ලිමේන්තු මැතිවරණයට ගෙනාවා 2015 දි. හැබැයි එක එක අයගේ ඉල්ලීම නිසා අපිට සිද්ධ වුණා එකතු වෙලා බුලත් කොළයෙන් තරග කරන්න.  මමනම් එදත් විරුද්ධ වුණා. මම කිවුවා කවදාවත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා විශ්වාස කරන්න එපා කියලා. පක්ෂයේ ලේකම්වරයා වෙලා ඉදලා පිටිපස්සෙන් පිහියෙන් ඇන්න වගේ වැඩක් තමයි එදා  මෛත්‍රී ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා කළේ. ඒ නිසා එකතුවෙන්න එපා අපි තනියම ඉල්ලමු කියලා මම එදා කිවුවා. නමුත් කණ්ඩායමක් ඇවිත් මහින්ද මහත්තයට එදත් කිවුවා ඔබතුමා මේකෙ නායකත්වය අරගෙන කරගෙන යන්න කියලා. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා. හැබැයි මැතිවරණය කරගෙන යනකොට කිව්වා මහින්ද දිනුවත් අගමැතිකම දෙන්නේ නෑ කියලා. පක්ෂයේ ලේකම්වරු අයින් කරලා අපිට දිනන්න තිබුණ අවස්ථාව නැති කළා.

ඒ හින්දා මම නම් සතපහකට මෛත්‍රී ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ නෑ. එදා විශ්වාස කළෙත් නෑ. අද විශ්වාස කරන්නෙත් නෑ. හෙට විශ්වාස කරන්නෙත් නෑ. දැන් ශ්‍රී ලංකා එක කියන්නේ ජනාධිපතිවරණයේ දි ගහපු ගිවිසුම අනුව පුටුව ලකුණින් තරග කරන්න ඕනේ කියලා. පක්ෂ නායකයෝ එක්ක ගිවිසුම් ගහගෙන හරියන්නේ නෑ. ගිවිසුම ගහන්න ඕනේ රටේ පොදු මහා ජනතාව එක්කයි. අපි ගහපු ගිවිසුම තමයි ඊලග මහා මැතිවරණයේදිත් අපි තරග කරන්නේ පොහොට්ටුවෙන් කියන එක. ඒක වෙනස් කරන්න අපි කිසිසේත් සුදානම් නෑ.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ වැඩ පිළිවෙත් එක්ක අද රට තුළ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වෙලා තියෙනවා. තරුණයෝ රට වෙනුවෙන් හිතන්න පටන් අරන්. රට වෙනුවෙන් ඉදිරියට ඇවිත්. ඒක හොද ප්‍රවණතාවයක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩ පිළිවෙලත් එක්ක අද රට තුළ අලුත් පිබිදීමක් ඇතිවෙලා තියෙනවා.

අපි මේ ආණ්ඩුව පත් කළේ අවුරුදු 05කින් දෙන්න නෙමෙයි. ඊලග මහා මැතිවරණයේ දි අපි පොහොට්ටුව ලකුණින් තරග කරලා තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් හදනවා. මම අද කිව්වා කියලා මතක තියාගන්න. මේ රටේ ඉදිරි වසර 10 ම පාලනය කරන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවක්. ඒක වෙනස් කරන්න කාටවත් බෑ.”

– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad