කුමන්ත්‍රණකරුවන්ට බෑ ලකුණ තීරණය කරන්න - රොෂාන් රණසිංහ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 15, 2019

කුමන්ත්‍රණකරුවන්ට බෑ ලකුණ තීරණය කරන්න - රොෂාන් රණසිංහ

කුමන්ත්‍රණකරුවන්ට බෑ ලකුණ තීරණය කරන්න - රොෂාන් රණසිංහ

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට කුමන්ත්‍රණය කළ පිරිස්වලට මහමැතිවරණයේ ලකුණ තීරණය කිරීමට ඉඩ ලබානොදෙන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අස්ගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්විමින් ඒ මහතා මෙසේ කියා සිටියේය.

"එහාට මෙහාට පනින අය නෙවෙයි පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ. සිරිසේන මහත්තයා කියනවා තුනෙන් දෙකක් අරගෙන හයිය දෙන්න උදවු කරනවාලු. ඕක එතුමාට මතක් වෙන්න තිබ්බෙ 2015 දී. මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා නෑ..ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා එක එකතු වෙනකොට අපිත් හිතුවා ජනාධිපතිවරණයේ දී සියයට 70 අනිවාර්යයෙන් පනියි කියලා. ශ්‍රී ලංකා එක එකතු වෙන්නේ නෑ කියලා හිටියානම් මම ශ්‍රී ලංකා එකේ අති බහුතරයක් අරගෙන. ඒ වෙලාවේ ශ්‍රී ලංකා එක සත් භාවයෙන් සහයෝගය දෙයි කියලා හිතනකොට නැවත කුමන්‍ත්‍රණයක් වුණා. පේෂල ජයරත්නත් එක්ක සමහරු ඒක අනිත් පැත්තට හරවද්දි පොළොන්නරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රටට ආදරය කරන පිරිසක් මහින්ද රාජපක්ෂට ඡන්දේ දීලා සහයෝගය දැක්වුවා. ඒ නිසා ඔය කියන අයට සදාචාරයක් නෑ මොකක්ද ලකුණ කියලා තීරණය කරන්න.. පුටුව ලකුණ පරාජය වෙනකොට තමයි බුලත් කොළේට ගියේ..බුලත් කොළෙන් ඉල්ලලා ඒකත් පරාජය වුණ නිසායි අපි උතුම් පොහොට්ටුව ලකුණට ගියේ. එහෙනම්. ජයග්‍රාහී අපරාජිත පොහොට්ටුව ලකුණෙන් තමයි මේ මහ මැතිවරණයට අපි ඉදිරිපත් වෙන්නේ."

No comments:

Post a Comment

Post Bottom Ad