අරලියගහ මන්දිරය විශ්වවිද්‍යාලයක් කරන්න යන ජනාධිපති අපේක්ෂක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 8, 2019

අරලියගහ මන්දිරය විශ්වවිද්‍යාලයක් කරන්න යන ජනාධිපති අපේක්ෂක

නාධිපති මන්දිරය හා අරලියගහ මන්දිරය වසාදමා ඒවා විශ්වවිද්‍යාල බවට පත්කරන බව ජනාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අපරැක්කේ පුඤ්ඤානන්ද හිමියෝ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ එසේ පැවැසුවේ උන්වහන්සේගේ ප්‍රතිපත්ති මාලාව පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමිනි.

මෙම අවස්ථාව මීරිගම වේවැල්දෙණිය ශ්‍රී  විවේකාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ. "2019 ජනාධිපති මැතිවරණය සඳහා මම නිවෙසේ සුරතලාගේ නමින් ඉදිරිපත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අද ලංකාවේ පවතින විශේෂ කරුණු ගැන කතා කරන විට අධ්‍යාපනය, සෞඛ්‍ය, වන සම්පත, අලි ඇතුන් ආදී කොට ඇති සියලුම දේ ඉතාම ඕනෑකමින් රැකබලා ගන්නට මම තීරණය කරලා තිබෙනවා. ඒ වගේම තමන් අධ්‍යාපනය ලබන පාසල තුළ උපාධිය පිරිනැමීමට අවශ්‍ය පරිදි කථිකාචාර්යවරුන් පත් කිරීමට තීරණය කරලා තියෙනවා. ගමේ පාසල, විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට තීරණය කරලා තියෙනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සියලු ඉල්ලීම්වලට සවන් දීලා ඔවුන්ගේ කටයුතු ඉෂ්ට සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මාගේ රාජ්‍ය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 60කට සීමා කිරීමත් අමතර පහළ පන්තියේ හැටියට සෙනට් සභාවක් පත්කරලා ඒ කටයුතු සිදුකිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලය 20කට සීමා කිරීමට මා බලාපොරොත්තු වෙනවා.

මේ ආකාරයෙන් අද ලංකාවේ පවතින සියලුම දේ ගැන සලකා බලන විට සැමට ප්‍රයෝජනවත් වන ආකාරයට රාජ්‍ය හසුරවන්නට, රාජ්‍ය දේපළ ආරක්ෂා කරන්නට බලාපොරොත්තු වෙනවා.

අද අලි ඇතුන් වනසන සමයක කැලෑ විනාශ කරන සමයක ඒ සියල්ල ආරක්ෂා වන පරිදි වන වගාවන් දියත් කරලා අලි ඇතුන් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන් සුරාසල් අවම කිරීමට අලුතෙන් බලපත්දීම තහනම් කිරීම ලංකාවෙන් මත් ද්‍රව්‍ය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරනවා.

ලංකාවේ තිබෙන රක්ෂිත කැලෑවන් කිසි ලෙසකින් එළිපෙහෙළි කිරීමට මා ඉඩ දෙන්නේ නෑ.

ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු කරන්නට අවශ්‍ය කටයුතු සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම නගර සභාවල ජල කානු ආදී අපවිත්‍ර ස්ථාන නැති කිරීමට කටයුතු කරනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීමට බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය සේවය පිළිබඳව විශේෂ අවධානය යොමු කර අවශ්‍ය බෙහෙත් හේත් නොමිලේ ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා.

සංචාරක කර්මාන්තය දියුණු කිරීම පිණිස කැලෑවලට උඩින් ගොස් සතුන් නැරැඹිය හැකි ආකාරයෙන් ගුවන් පාලම් සැකසීමට මා බලාපොරොත්තු වෙනවා.

බස් ගාස්තු, ඉන්ධන ගාස්තු, ටැක්සි ගාස්තු සියයට 50කින් අඩු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.

සියලු හමුදාවන්ට අණදීම ජනාධිපති ලේකම් මාර්ගයෙන් සිදුකිරීමටත්, ඒ අනුව රාජ්‍ය ආරක්ෂක ලේකම්, නීතිය හා සාමය පිළිබඳ ලේකම් තනතුරු දෙක බැගින් ජනාධිපති ලේකම්වරයා විසින් දරනු ලබනු ඇත.

බුද්ධි තොරතුරු අනුව ඉන්දියාව, තායිලන්තය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ප්‍රංශය යන රටවල් සමඟ ජාත්‍යන්තර පොලිසිය සමඟ බුද්ධි තොරතුරු හුවමාරු කරගන්නා ගිවිසුම් ඇති කරන්නටත් ජනාධිපති ලේකම් විසින් එම බුද්ධි අංශයේ ප්‍රධානත්වය දරන අතර ආරක්ෂක ගිවිසුම් මඟින් ජාතික ආරක්ෂාව වඩා ශක්තිමත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

නිට්ටඹුව - මනෝජ් පතිරණ


No comments:

Post a Comment

Post Bottom Ad