ශ්‍රිලනිපය පොහොට්ටුවේ ගිවිසුමෙන් ඉවතට! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 8, 2019

ශ්‍රිලනිපය පොහොට්ටුවේ ගිවිසුමෙන් ඉවතට!


පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක් වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඔවුන් සමග ඇති කර ගත් ගිවිසුම අවලංගු කරීමට තීරණය කර තිබෙනවා.

ඒ් ගිවිසුමේ පරිදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී වරුන්ට පොරොන්දු වූ ඇමතිකම් ඇතුළු තනතුරු ලබා දීම පොහොට්ටුවේ ප්‍රබල මන්ත්‍රීවරයෙකු විසින් ප්‍රතික්ෂේප කරීම හේතුවෙන්.

 ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙතෙක් සැලකිය යුකු මට්ටමකින් ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමට සහය දැක්වීමට නොහැකි වී ඇති බවයි අදාල පොහොට්ටුවේ ප්‍රබල මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ.

පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති වරණ රැළිවලට සහභාගි වු නිදහස් පක්ෂයේ බොහෝ දෙනෙකුට ලැබුණු "හු "සංග්‍රහ පොදුජන පෙරමුණේම ක්‍රියාවලියක් බව මේ වන විට තහවුරු වී තිබෙනවා. 

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හට පොදුජන පෙරමුණේ  වේදිකාවට නැගී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඒකදු වචනයක් කතා කිරීමට පසුගිය දිනවල කිසිදු අවස්ථාවක් ලැබුණේ නෑ.

දුමින්ද දිසානායක, ශාන්ත බණ්ඩාර, ඩියු ගුණසේකර ඇතුළු තවත් මන්ත්‍රින් වරු කිහිප දෙනෙකුම මෙලෙස පොදුජන පෙරමුණ විසින් හිතාමතාම අවමානයට ලක් කෙරුණා. එමෙන්ම මේ නිසාම දායාසිරි ජයසේකර, දුමින්ද දිසානායක වැනි මන්ත්‍රී වරුන් පොදුජන පෙරමුණේ ජන රුළිවලට සහභාගි වන්නේ නෑ.

 මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයකට ශ්‍රීලනිපය එළඹ නොමැති අතර, එම  පක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකුම දැනටමත් ස්වාධිනව කටයුතු කිරිමටයි  තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් ඉදිරි දින දෙක තුළ ඔවුන් මේ පිළිබඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා කුමාර වෙල්ගම සමග සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත බවයි දේශපාලන ආරංචිමාර්ග  සදහන් කරන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad