"පක්ෂය තුළ ජනප්‍රියම කෙනා ජනාධිපතිවරණයට දැම්මා - ප්‍රතිඵලය කණගාටුදායකයි" - නවීන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 23, 2019

"පක්ෂය තුළ ජනප්‍රියම කෙනා ජනාධිපතිවරණයට දැම්මා - ප්‍රතිඵලය කණගාටුදායකයි" - නවීන්

එක්සත් ජාතික පක්ෂය තුළ ජනප්‍රියම නායකයා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතුය යන මතයක් පැවති හෙයින් එසේ ඉදිරිපත් කළ නමුත් ලැබුණු ප්‍රතිඵලය කණගාටුදායක බව එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසයි. 

තම අපේක්ෂකයාට ලැබුණු ඡන්ද සංඛ්‍යාව ඉතාම අඩු එකක් බව පැවසූ ඒ මහතා අවම වශයෙන් කරට කර සටනක් දීමට හෝ නොහැකි වූ බව පෙන්වා දුන්නේය. 

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීම වෙනුවට පක්ෂයක් ලෙස ස්වයං විවේචනාත්මකව මේ දෙස බැලිය යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad