සජිත්ට එජාප නායකත්වය දෙනු.. නැතොත් ඔහු සමග වෙනම ගමනක් අරඹනවා - හරීන් කෙලින්ම කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 20, 2019

සජිත්ට එජාප නායකත්වය දෙනු.. නැතොත් ඔහු සමග වෙනම ගමනක් අරඹනවා - හරීන් කෙලින්ම කියයි

ජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ තවදුරටත් පක්‍ෂය ජයග‍්‍රහණය නරවිය නොහැකි බවත් ඔහු යටතේ කටයුතු කිරීමට සූදානම්ද නැති බවත්ය.

පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවත් එය සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහෙයවිය යුතු බව තම මතය බවත් ඔහු සඳහන් කළේය.

ඒ සඳහා පක්ෂයෙන් අවස්ථාවක් නොදෙන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතා සමග විකල්ප දේශපාලන ගමනක් ආරම්භ කිරීමට සූදානම් බවද ඔහු පැවසුවේය.

වර්තමාන පාර්ලිමේන්තුව එළැඹෙන මාර්තු මාසය දක්වා පවත්වාගෙන යාමට ව්‍යවස්ථාවෙන් බැඳී සිටි නිසා එය ඊට පෙර විසුරුවා හැරීමට කිසිදු උවමනාවක් නැති බව ද පැවසූ ඔහු පාර්ලිමේන්තුව විසුරුවීමේ උත්සාහයකට තම පාර්ශවය සහයෝගය නොදෙන බවද කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad