ජනපතිගේ නිල ජනපති ධජය ප්‍රකාශයට පත්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 18, 2019

ජනපතිගේ නිල ජනපති ධජය ප්‍රකාශයට පත්වෙයි

ජනපතිගේ නිල ජනපති ධජය ප්‍රකාශයට පත්වෙයි

7 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ජනපති ධජය ප්‍රකාශයට පත්කර ඇත.

නිල ධජයේ ප්‍රධාන වර්ණය වන්නේ කුරහන් ධාන්‍යයේ වර්ණය වන තද දුඹුරු පැහැයයි. 

පාරිශූද්ධත්වයේ සංකේතය වන සුදු නෙළුම් මල එහි ප්‍රධාන තේමාව වන අතර ඉන් පාලකයා සතු නිර්මල පිවිතුරු පාලනය පිළිබිඹු කර ඇත.

සිවිකොණ පිහිටි බෝපත් සතරින් බුදුදහම සහ ඉන් ජාතියට ලැබී ඇති ආභාෂය නිරූපනය කෙරෙයි.

වී කරල් සහ ඒ අතර පිහිටුවා ඇති කුරහන් මල් සතර සහිත රාමුවෙන් නිරූපනය කර ඇත්තේ සශ්‍රීකත්වයයි. 

ජනාධිපති ධජයේ සියලු කොටස් එකට බැදී පවතින අතර ඒතුලින් සියලු ජාතීන් අතර එකමුතුව, සාමය අන්‍යොන්‍ය අවබෝධයත් ඒ තුල පවත්නා ජීවගුණයත් අර්ථ ගන්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad